Android 13 මඟින් app එකෙන් app එකට භාෂාව වෙනස් කිරීමේ පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Android 13 මඟින් app එකෙන් app එකට භාෂාව වෙනස් කිරීමේ පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Android Operating System එක මේ වෙන විට ලොව භාවිත වෙන භාෂාවන් විශාල ප්‍රමාණයක් සදහා සහය දක්වනු ලබනවා. කෙසේ වෙතත් මේ වෙන විට Android Operating System එක තුල එක් විටක භාවිත කළ හැකි වෙන්නේ එක් භාෂාවක් පමණයි. එනම් Android Interface එක හා Device එකේ පවතින Apps සියල්ල බොහෝ විට එකම භාෂාව මත පදනම්ව ක්‍රියාත්මක වෙනු ලබනවා.

වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Google සමාගම විසින් Android Operating System එක තුල එක විට භාෂා දෙකකින් හෝ කිහිපයක් භාවිත කල හැකි ආකාරයට Panlingual නම් නව Feature එකක් හදුන්වා දිමට කටයුතු කරමින් සිටින බව දක්වන්න පුළුවන්. ඒ අනුව මේ Feature එක මගින් Android Interface එකේ භාවිත වෙන භාෂාවට අමතරව ඔබට අවශ්‍ය Apps සදහා අවශ්‍ය භාෂාවක් භාවිත කිරිමේ හැකියාව ලැබෙනවා.

Image - Android Police

මෙය සාමාන්‍යෙන් Android Interface එකේ භාවිත වෙන භාෂාවට අමතරව එදිනෙදා වැඩ කටයුතු සදහා වෙනත් භාෂාවක් භාවිත කරන පුද්ගලයින් සදහා අතිශය ප්‍රයෝජනවත් වෙනු ඇති අතර ඔවුන්ට අවශ්‍ය Apps සදහා එදිනෙදා භාවිත වෙන භාෂාව යොදාගෙන භාවිත කිරිමේ හැකියාව මේ මගින් ලැබෙනවා.

මේ Feature එක තවමත් සංවර්ධනය කරමින් සිටින අතර බොහෝ විට Android 13 සමග ලැබිමේ හැකියාව පවතිනවා.

Source : Android Authority, Android Police

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara