ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන Airplane Mode එක සඳහා Patent බලපත්‍රය ලබා ගැනීමට Google සමාගම සමත් වෙයි

Google සමාගම විසින් මේ Airplane Mode එකට සම්බන්ධව ලබා ගෙන ඇති Patent බලපත්‍රයක් පිළිබඳව මේ වන විට තොරතුරු අන්තර්ජාලය තුළ පළ වෙමින් තිබෙන අතර ඒ අනුව ඔවුන් විසින් Automatically මේ Mode එක On සහ Off වන ආකාරයෙන් නව විශේෂාංගයක් ජංගම දුරකථන සඳහා හදුන්වා දීමට සුදානමින් සිටිනවා.

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන Airplane Mode එක සඳහා Patent බලපත්‍රය ලබා ගැනීමට Google සමාගම සමත් වෙයි

Android වැඩකාරයෝ අපිත් සමඟ නිතරම රැදී සිටින ඔබට මතක අති මීට පෙර අප විසින් Airplane Mode එක කියන්නේ මොකක්ද කියලා ලිපියක් ඔබ වෙත ගෙන ආ බව. ඒ වගේම ඔබ හොදින්ම දන්නවා මේ Mode එක අප විසින් On හෝ Off කළ යුතු බවත්.


Google සමාගම විසින් මේ Airplane Mode එකට සම්බන්ධව ලබා ගෙන ඇති Patent බලපත්‍රයක් පිළිබඳව මේ වන විට තොරතුරු අන්තර්ජාලය තුළ පළ වෙමින් තිබෙන අතර ඒ අනුව ඔවුන් විසින් මෙලෙස අප විසින් Manually මේ Airplane Mode එක On හෝ Off කිරිම වෙනුවට Automatically මේ Mode එක On සහ Off වන ආකාරයෙන් නව විශේෂාංගයක් ජංගම දුරකථන සඳහා හදුන්වා දීමට සුදානමින් සිටිනවා.

ඒ අනුව මේ විශේෂාංගය “Connect Flight Mode" නමින් හැදින්වෙන අතර මෙය Smartphones සඳහා පමණක් නොව Tablets සහ Laptops සඳහාත් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මේ Connect Flight Mode විශේෂාංගය ඔස්සේ ඔබගේ Device එක සඳහා ඔබ ගුවන් යානයක් තුළ සිටිනවා ද යන්න හඳුනා ගැනිමේ හැකියාව ලැබෙන අතර ඒ ඔස්සේ Airplane Mode එක Automatically On හෝ Off වීම සිදු වනු ලබනවා.

Triggers of connected flight mode │Image: Parkifly.lt

මේ විශේෂාංගය Airplane Mode එක On හෝ Off කිරීමට පමණක් සීමා වන්නේ නැති අතර මේ ඔස්සේ වෙනත් Wi-Fi සහ Bluetooth Features සක්‍රීය කර ගැනිමේ හැකියාව ලැබෙනවා. එනම් සාමාන්‍යයෙන් Airplane Mode එක On කළ පසු Cellular Network Disconnect වීමට සමගාමීව Wi-Fi සහ Bluetooth Connections ද Disconnect වනු ලබනවා. නමුත් මේ ඔස්සේ Device එක⁣ට ගුවන්යානා තුළ ලබා දෙන Wi-Fi පහසුකම සඳහා Connect වීමේ හැකියාව Automatically ලබා දෙනවා. ඒ වගේම මෙම Wi-Fi Connection එක ඔස්සේ සාමාන්‍ය Internet Speed එකක් ලැබෙන අතර එම වේගය සමඟ Automatic backups, Background app refreshes සහ Updates ආදිය අක්‍රීය කර වඩාත් හොද Internet Speed එකක් ලබා ගැනිමේ හැකියාව ලබා දෙනවා.


කෙසේ වෙතත් තවමත් මෙය Patent බලපත්‍රයක් පිළිබඳව පමණක් පුවතක් වන නිසා ඉතා ඉක්මනින්ම මේ විශේෂාංග නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි අතර සමහර විට මෙම විශේෂාංගය යොදා නොගෙනීමට ද ඉඩකඩ පවතිනවා. කෙසේ වෙතත් මේ විශේෂාංගය හෝ මේහා සමාන වෙනත් විශේෂාංගයක් Smartphones සඳහා ලබා දිය හැකි නම් එය ගුවන් ගමන්වලදී මහත් පහසුවක් වන බව නිසකයි.

Sources: patentscope.wipo.int androidauthority.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara