Google Chrome වැඩ කෑලි
Google Chrome; Android Smartphone එකක් මිලදී ගනිද්දී අපට බලෙන්ම වගේ දෙන Web Browser එක. මීට වඩා හොඳ Web Browsers තිබුනත් තවමත් වැඩි දෙනා භාවිතා කරන්නේ Google Chrome ම තමයි.
Desktop version එක තරම් ම Android version එක බලසම්පන්න නැති වුනත්, තිරය පිටුපස තියන ඇතැම් features activate කරගැනීමෙන් ඔබට ඔබේ Web Browsing අත්දැකීම වඩාත් කාර්යක්ෂම හා වේගවත් කරගන්න පුළුවන්. මේ එවැනි විශේෂාංග කීපයක්.
Dark Mode
Android 10 Smartphone එකක නම්, System Theme එකට අනුව Chrome හි Theme එක සැකසෙනවා. මේ, ඊට පහළ Version තියෙන අයට Dark Mode Active කරගන්න ක්‍රමයයි.
ඒ වගේම Web Sites වලටත් Dark Mode එක Apply කරන්න පුළුවන්.
New Tab එකක් open කර chrome://flags ලෙස search කර, එහි search box එකේ darken websites ලෙස type කරන්න. 'Darken websites checkbox in themes setting' යටතේ ඇති Menu එකෙන් එය Enable කරන්න.
Facebook, Twitter Notifications ලබාගන්න.
Facebook App එකේ ඉතිහාසය ගැන බලන විට කොච්චර අවශ්‍ය වුනත් ඒක phone එකේ install කරන එක නම් නුවනට හුරු දෙයක් නෙමෙයි. පහත ලිපි කියෙව්වොත් ඔබ දැන්ම App එක Uninstall කරයි, තමන්ගේ පෞද්ගලිකත්වය ගැන සැලකිලිමත් නම්.
නමුත් වැඩි වෙනසක් නැතුව Broswer එකෙනුත් Facebook යන්න පුළුවන්. ඒ වගේම phone එකේත් ඉඩ ඉතුරු වෙනවා. එත් Birthday/Event Reminders, Share කරපු meme එකට Like කළ ගවයා ගැන වගේ Notifications ලබාගන්න ඕනේ නම්, Facebook Settings > Notifications මගින් App එකේදී මෙන්ම Notifications ලබාගන්න පුළුවන්.
Twitter (mobile.twitter.com) හිද Notifications > Settings (icon) > Push Notifications On කිරීමෙන් ඔබේ Browser එකට Notifications ලබාගන්න පුළුවන්.
Tab අතර ඉක්මනින් මාරු වෙන්න.
Tab Button එක මගින් Tab අතර මාරු වනවාට වඩා ලේසියෙන් ඔබට Address Bar එක මත දෙපසට Swipe කිරීමෙන් Tabs අතර මාරු වීමට හැකියි.
Chrome Duet
එන්න එන්නම Phone Screens විශාල වන නිසා Screen එකේ ඉහල කොටසේ දේවල් වලට ඉක්මනින් ලඟා වෙන්න අමාරුයි. ඒකට විසඳුමක් ලෙස Chrome Duet feature එක හඳුන්වන්න පුළුවන්.
පෙර වගේ Flags section එකෙහි Search box එකේ Chrome Duet ලෙස search කර, මේ Option එක Enable කරගන්න පුළුවන්. මෙහෙදී ඔබට Screen එකේ Icons පිහිටිය යුතු ආකාරය ක්‍රම 4කට අනුව වෙනස් කරගන්න පුළුවන්. එයින් ඔබට වඩාත් පහසු ක්‍රමය තෝරාගන්න.
ඉක්මනින් Tab Open/Close කරන්න.
මේ සඳහා Tab icon එක press කරගෙන සිටීමෙන් ලැබෙන Menu එකෙන් ඔබට අවශ්‍ය Option එක select කරන්න.
වෙබ් පිටු PDF ලෙස save කරන්න.
Chrome Menu > Share මගින් එන Apps list එකේ Print Option එක මගින් ඔබට Web පිටු PDF ලෙස save කරගත හැකියි.
ඒ 'Select a printer' යන option එක click කර එය 'Save as PDF' ලෙස වෙනස් කිරීමෙන්.
ඕනෑම වෙබ් පිටුවක් Zoom කරන්න
Settings > Accesibility හි ඇති Force Enable Zoom On කරන්න. දැන් ඔබට ඕනෑම වෙබ් පිටුවක් Zoom කල හැකියි.
එසේම මෙහි Text Scaling මගින් වෙබ් පිටුවේ Font Size එකද, Simplified view for web pages මගින් වෙබ් පිටුවක article mode එක On කර ගැනීමේ පහසුකමද සක්‍රිය කරගන්න පුළුවන්.
Search Engine එක වෙනස් කරන්න
අප කලින් ලිපි පෙළක සඳහන් කළා Google මගින් ඔබේ අන්තර්ජාල හැසිරීම නිරීක්ෂණය කර මුදල් උපයන ආකාරයත් එය වලක්වගන්න භාවිත කල හැකි වෙනත් Search Engines ගැනත්.
Settings > Search Engine මගින් ඔබට කැමති website එකක් තෝරාගන්න පුළුවන්. මෙහි දක්වා නැති Search Engine එකක් Enable කරගන්න නම්, ඒ Search Engine එකේ Homepage එකට එක් වරක් ගිය විට මෙම list එකේ එය ඇතුලත් වී තිබෙයි.
අනවශ්‍ය Notifications Off කරන්න.
බොහෝ විට අත්වැරදීමෙන් අනවශ්‍ය Web Sites වල Notifications අප අතින් Allow වෙනවා. ඒවා Off කරන්න Settings > Notifications මගින් පුළුවන්.
Notification off කරන්න අවශ්‍ය Site එකේ Switch එක off කිරීමෙන් Notifications off වෙනවා.
එසේම නැවත Sites වලින් Notifications Allow/Block කිරීම ගැන ඔබෙන් විමසන්න අවශ්‍ය නැත්නම් එහි පහල ඇති In app notification settings තුලඇති Notificatios Switch එක Off කල හැකියි.
Notification Prompt එක තමන්ට අවහිර නොවෙන ලෙස display වෙන්න නම් Use Quieter Messaging Option එක On කරන්න.
Sounds Autoplay වන එක Off කරන්න
බොහෝ අවස්ථාවලදී Chrome මගින් Audio/Video autoplay වන එක වැලක්වුවත්, සමහර sites මෙය මගහැර යාමට ක්‍රම සකසාගෙන තිබෙනවා.
එවිට සම්පුර්ණයෙන්ම Sounds off කිරීමට, Settings > Site Settings > Sound මගින් හැකියාව තිබෙනවා. එසේම Sound play වෙන්න අවශ්‍ය Websites තිබේ නම් Add Site Exception මගින් ඒ site එක add කරගන්න පුළුවන්.
මේ සඳහන් කරේ ඔබ භාවිතා කරන Chrome Browser හි ඇතැම් සැකසුම් ඔබට අවශ්‍ය ලෙසට වෙනස් කරගත හැකි ක්‍රම කීපයක්.
Chrome://flags මගින් ඔබට තවත් සැකසුම් ගණනාවක් වෙනස් කරගන්න පුළුවන්. නමුත් Flags යනු තවමත් පරීක්ෂණ මට්ටමේ ඇති, අනාගතයේ එන්න නියමිත features සමුහයක්. ඒ නිසා නිවැරදිව සැකසුම දැනගෙන ඒවා භාවිතා කරන්න.
ඔබ දන්න තව Customization features මොනවද ? මෙහි සඳහන් Features ඒ අයුරින් Active කරගන්න බැරි වුනාද ? Comment කරන්න.
තව අයට දැනගන්න share කරන්න.