Generative AI in Google Search පහසුකම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120ක් සඳහා නිල වශයෙන් නිකුත් කරයි

මේ වන විට ශ්‍රී ලංකාවද ඇතුළුව නව රටවල් 120කට පමණ මෙම පහසුකම අත්විඳීමේ හැකියාව ලබා දී ඇති බව Google සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

Generative AI in Google Search පහසුකම ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 120ක් සඳහා නිල වශයෙන් නිකුත් කරයි

මේ වසරේදී පැවති Google I/O Event එකේදී Google සමාගම විසින් Google Search engine එක සඳහා Generative AI හඳුන්වාදෙනු ලැබුවා. මේ තුළින් Search Engine එකට අප විසින් Search කිරීමට ලබා දෙන Text Prompts කෘතිම බුද්ධිය යොදාගෙන වඩාත් යොග්‍ය ප්‍රතිඵල ලබාදිය හැකිවනවා.

මෙය ඒලිදැක්වූ කාලයේදී රටවල් කිහිපයක් සඳහා පමණක් පර්‍යේෂණ මට්ටමේ පැවති අතර මේ වන විට ශ්‍රී ලංකාවද ඇතුළුව නව රටවල් 120කට පමණ මෙම පහසුකම අත්විඳීමේ හැකියාව ලබා දී ඇති බව Google සමාගම විසින් නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.

මේ අනුව ඔබට Desktop Browser එකකින් labs.google.com/search/install වෙත ගොස් ඔබගේ Google Account එක හරහා මෙය Enable කරගත හැකිවනවා. කෙසේ වෙතත් මේ සඳහා ඔබගේ Google Account එකට ලබා දී ඇති ඔබගේ වයස අවුරුදු 18ට අඩු නම් මෙය භාවිතා කිරීමට නොහැකිවනවා.

මෙම Generative AI in Search පහසුකම ඉදිරි දින කිහිපය තුළදී Android සහ iOS Browsers වෙතත් නිකුත් කරන බව ඔවුන් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Google brings Generative AI in search to 120 new countries and territories

මෙම Generative AI පහසුකම Google Translateහිද Word Suggestions ලබා ගැනීම සඳහා (දැනට ඉංග්‍රීසි භාෂාව සඳහා පමණක්) ඉදිරියේදී භාවිතා කර ගත හැකිවනවා.


ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: gsmarena.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara