Google Bookmarks පහසුකම සැප්තැම්බර් මාසයේදී නවතා දමන බව Google ආයතනය පවසයි

Google Bookmarks පහසුකම සැප්තැම්බර් මාසයේදී නවතා දමන බව Google ආයතනය පවසයි

Google සමාගම විසින් 2005 වර්ෂයේදී "Cloud Based Storage" පාදක කොට ගෙන ඒ සඳහා "Google Bookmarks" පහසුකම ආරම්භ කරන ලදී.

මෙම පහසුකම එලැඹෙන සැප්තැම්බර් 30 න් පසු සම්පූර්ණයෙන්ම නවත්වා දමන බව Google සමාගම ප්‍රකාශ කර තිබෙනවා.  මේ වන විට Google සමාගම Google Bookmark හි නිල වෙබ් පිටුවේ විශේෂිත වූ බැනරයක් මඟින් මේ බව සනාථ කර ඇත. එසේම අවශ්‍ය නම් තමාගේ Bookmarks Export කරගන්නා මෙන් Google ආයතනය විශේෂිත Link එකක් මඟින් සඳහන් කර දක්වා තිබෙනවා.

කෙසේනමුදු, මෙම සේවය සහමුලින්ම ඉවත් කරත් පරිශීලකයන්ගේ Browsing Bookmarks සහ Google Map සඳහා කිසිඳු ආකාරයක අපහසුතාවක් ඇතිවන්නේ නැතැයි Google ආයතනය තවදුරටත් දක්වා තිබෙනවා.

2005 වර්ෂයේ පටන් ඉතා හොඳින් ක්‍රියාත්මක වූ මෙම පහසුකම Cloud පහසුකමක් මගින්  පරිශීලකයන්ට ඔවුන්ගේ Bookmarks Save කර තැබීමට, Notes සහ Label මෙන්ම වෙබ් අඩවි වල Save කළ දත්ත සෙවීම සහ Short කිරීමද සිදුකරන ලදී.

Source - Google Bookmarks , Gadgets 360

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna