Google Assistant සඳහා Memory නම් නව feature එකක් එකතු කිරීම සඳහා Google සමාගම සූදානම් වේ

ළඟදීම release වීමට නියමිත මේ feature එක note app එකකට වඩා බොහෝ දියුණු එකක්.

Google Assistant සඳහා Memory නම් නව feature එකක් එකතු කිරීම සඳහා Google සමාගම සූදානම් වේ

Google සමාගමේ voice assistant සේවය වන Google Assistant ට කලින් කලට අලුත් විශේෂාංග එකතු වන බව ඔබ දන්නවා.

මෙයට පෙර අප එලෙස එක්වූ, ගීතයක් මුමුණන විට  එය හඳුනාගතහැකි ක්‍රමයක් ගැන ලිපියක් ඔබ වෙත ගෙන ආවා.

දැන් මේ ඊළඟට එන්න නියමිත Memory කියන විශේෂාංගයත් ඔබට පහසුවෙන් දේවල් save කරන්න සහ පහසුවෙන්ම සොයාගන්න හැකි ක්‍රමයක්. ඔබට පසුවට අවශ්‍ය වන දෙයක් මතක තබා ගන්නා ලෙස Google Assistant ට කියූ විට එය ඔබට ඒ වෙනුවෙන් 'memory' එකක් සාදා දෙනවා.

විශේෂතම දෙය නම්, මෙය සාම්ප්‍රදායික notes app එකක කාර්යයට වැඩි දෙයක් කිරීමයි. ඒ කියන්නේ ඔබට අවශ්‍ය notes, reminders, photos, screenshots, links වැනි ඕනෑම දෙයක් මේ හරහා save කරගන්න පමණක් නොවෙයි, යම් පිළිවෙලකට වර්ග කිරීමටත් පුළුවන්.

දැනට සඳහන් වන පරිදි මෙය මහජනතාවට විවෘත කර ඇති feature එකක් නම් නොවේ. එනම් තවමත් මෙය Google විසින් develop කරගෙන යන feature එකක්.

එය පොදුවේ නිකුත් වුණ සැණින් අප ඔබට ඒ ගැනත් කියන්නම්, ඒ ගැන දැනගන්න Android වැඩකාරයෝ social media වල follow කරන්න, අපේ newsletter එකටත් subscribe කරන්න.  

Source:  xda-developers

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara