Google විසින් Assistantගේ සහය පහසුවෙන් ලබාගැනීමට Action Blocks හඳුන්වාදෙන අතර Live Transcribe යාවත්කාලීන කෙරේ

Google විසින් Assistantගේ සහය පහසුවෙන් ලබාගැනීමට Action Blocks හඳුන්වාදෙන අතර Live Transcribe යාවත්කාලීන කෙරේ

පසුගිය මැයි 21 වන දින ලෝක ප්‍රවේශ්‍යතා දැනුවත් කිරීමෙ දිනය නැතහහොත් Global Accessibility Awareness Day එක යෙදී තිබුනි.

මෙම දිනයට සමගාමීව Google විසින් ශ්‍රව්‍ය දෘශ්‍ය අපහසුතා තිබෙන අය සඳහා විශේෂිත වූ අංග කිහිපයක් හඳුන්වාදෙන ලදී, එනම්

  • දැනට තිබෙන Live Transcribe, Sound Amplifier Apps දෙකට වැදගත් යාවත්කාලීන කිරීම් එකතු විය.
  • Action Blocks නැමති මෙම අලුත් ම විශේෂාංගය ලෝකයට හඳුන්වා දී ඇත.

Action Blocks යනු සංජානන ආබාධ නැතහොත් Cognitive Impairment සහිත පුද්ගයන්ගේ ක්‍රියාකරම් ඉතා සරලව කරගැනීමට පහසුව සලසන App එකකි. දිනපතා ක්‍රියාකාරකම් වන පවුලේ අයට ඇමතුම් ලබා ගැනීම, ප්‍රවෘති කියවීම, කාලගුණය පරීක්ෂා කිරීම හෝ වෙනත් Assistant විසින් කර ගත හැකි ඕනෑම කටයුත්තක් මෙම Action වලට අදාල වේ.

Google ගේ Accessibility කණ්ඩායම පැහැදිලි කරන පරිදී මෙමගින් "එක-Click එකකින් Google Assistant ගේ ඕනෑම ක්‍රියාකරමක් සිදුකරගත හැකි වේ."

ඔබේ Home Screen එකට මෙම Shortcuts අංග ඇතුලත් කිරීමෙන් Ok, Google ලෙස ශබ්ද නොකර Click කිරීමෙන් ක්‍රියා කරවීමට හැකිවේ.

ඊට අමතරව මෙය Google Play Store තුලින්ද ලබා ගත හැක.

Action Blocks වලට අමතරව Google විසින් හඳුන්වා දුන් වෙනත් Updates දෙකකි. Live Transcribe සහ Sound Amplifier දෙකෙහි සමස්ත ප්‍රයෝජනය වැඩි දියුණු කිරීම සඳහා මෙම Updates දෙක ලබා දී ඇත.

මෙයින් වැඩි අවදානයක් ගන්නේ Live Transcribe විශේෂාංගයයි. ළඟ සිටින අයෙක් ඔබගේ නම කියූ විට දුරකථනය Vibrate වීමට සැකසිය හැකි වීම ද, සාමන්‍ය ශබ්ද කෝෂයේ නොමැති විවිධ ස්ථාන, නම් හෝ වචන හඳුනාගැනීමට වෙනම ලැයිස්තුවක් වශයෙන් එකතු කිරීමේ හැකියාවද ඇත. කලින් නොතිබුනු පිටපත් save කිරීමේ හැකියාවද අලුත් update එකෙන් ලබාදෙයි. ඒත් සමඟම විදේශ වූ අවට ශබ්ද හඳුනාගැනීමද මෙයට එයි. පහතින් දැක්වෙන්නේ උදාහරණයකි.

අත්පොළොසන් හඬ හඳුනාගැනීම

Sound Amplifier App එකේ ඇති වෙනත් App ඇතුලත ශබ්ද වැඩි කර ඇසීමට සැලැස්වීමේ විශේෂාංගය දැන් pixel දුරකථන වලට පමණක් නොව අනෙක් සියලුම Android දුරකථන වලටද ලබාදී තිබෙනවා. මීට අමතරව එම විශේෂාංගය දැන් bluetooth headphones වලටත් ක්‍රියා කරයි.

මෙම Apps දෙකම Playstore එක මඟින් ලබා ගත හැකි අතර Sound Amplifier සඳහා Android 6.0 වලට වඩා වැඩි මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතු වේ. Live Transcribe App එක Android 5.0 සිට ඉහලට සියල්ලන්ගේම ක්‍රියාත්මක වෙයි.

පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ Google මෙම යම් යම් අපහසුතා ඇති අයට සහය වන ආකාරයයි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු Google නිල Blog අඩවිය මඟින්ද , Android Central වෙබ් අඩවිය මගින්ද ලබා ගත හැක.

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara