Android app crash වීම Android System WebViewහි update එකක් මඟින් නිරාකරණය කිරීමට Google සමාගම කටයුතු කරයි

Android System Web View app එක සඳහා bug-fix එකක් දැන් ඇවිත් තිබෙනවා.

Android app crash වීම Android System WebViewහි update එකක් මඟින් නිරාකරණය කිරීමට Google සමාගම කටයුතු කරයි

ඇතැම් Android apps හදිසියේම crash වෙන බවටත්, එයට හේතුව Android System Web View නම් system app එක බවටත් අප ඔබ වෙත තොරතුරු ගෙන ආවා.

මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ Android System WebView නම් system component එකයි. එහි කාර්යය Android apps සඳහා web content පෙන්වීමට සහය දැක්වීම වුවත්, මෙහි කුමක් හෝ දෝෂයක් නිසා දැන් ඇතැම් apps crash වන බව Google සමාගම The Verge වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබුණා.

එසේම ඔවුන් මේ වන විට එම දෝෂය තහවුරු කරගනිමින් එය යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කරන බව තවදුරටත් සඳහන් කර තිබුණා.

දැන් Google විසින් මේ සඳහා (bug-fix) update එකක් නිකුත් කර තිබෙනවා.

මේ තත්ත්වය ඔබටත් බලපෑවා නම් කල යුත්තේ Play Store එකට ගොස් Android System Web View හා Google Chrome බ්‍රව්සරය update කිරීමයි. (මෙම link click කිරීමෙන් ද අදාල page එකට යා හැකියි)

Android System Web View හි නවතම සංස්කරණ අංකය වන්නේ version 89.0.4389.105 යන්නයි. Android System Web View - play store page හි ඇති current version එක එයද බවත් බලන්න.

Source: Engadget

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna