Google විසින් Docs, Sheets සහ Slides වල Android versions වලට dark mode features නිකුත් කරයි

Google විසින් Docs, Sheets සහ Slides වල Android versions වලට dark mode features නිකුත් කරයි

මෑත කාලීනව වේගයෙන් ම trend වෙන දෙයක් තමා dark modes use කරන එක. වර්තමානය වෙනකොට හැම app එකකටම වගෙ, හැම web site එකකටම වගේ dark mode option එකක් තියෙනවා. ඉතින් අද (ජූලි 7) Google සමාගම Docs, Sheets සහ Slides වල Android version එකට dark mode option නිකුත් කරලා තියෙනවා.

මේ implementation එක ක්‍රියාත්මක වෙන්නෙ system-wide dark mode toggle එකකින්. ඉතින් ඔයාගෙ System theme එක settings වලින් Dark mode දාලා නම් ඔයාට කිසිම adjustment එකක් කරන්න් අවශ්‍ය නෑ. ඒත් ඔයාට individually apps වල themes වෙනස් කරන්න ඕනෙ නම් මේ විදිහට පුලුවන්

Menu -> Settings -> Theme

ඒ වගේම, ඔයාට ඔයා වැඩ කරන document හෝ sheet එක විතරක් වෙනම light theme එකට adjust කරන්නත් පුලුවන්.

More -> View in light theme.

මේ විදිහට ඔයාට පුලුවන් ක්ෂණිකව files කීපයක් එකවර මේ විදිහට light theme එකෙන් බලන්න.

ඔයා dark mode එකෙන් මොකක් හරි Google app එකක් use කරලා තියෙනවා නම්, ඔයාට Google ලා ඔවුන්ගේ implementation එකට යොදාගත්ත color schemes ගැන අවබෝධයක් ලැබේවි.

ඉතින් කලින් කියපු විදිහට මේ වැඩේ තවම Google ලා පටන් ගත්තා විතරයි. ඉතින් හැම  device එකකටම release වෙන්න ටික කාලයක් යාවි. මේ ආටිකල් එක ලියන මොහොතෙ වත් මගෙ Google apps වලට මේ option එක ලැබිලා නෑ. Google ලා ප්‍රකාශ කරන ආකාරයට සති කීපයක් ඇතුලත globally release වේවි.

ඉතින් අපි මතක් කරනවා ඔයාගෙ device එකේ Google apps update කරන් තියාගෙන ඉන්න කියලා. එහෙම මතක් කරන ගමන් ඔයාට මේ ගැන ප්‍රශ්න තියෙනව නම් comment එකක් දාන්නත් අමතක කරන්න එපා.

Source: Google Blog

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara