Android Gingerbread සහ ඊට පෙර නිකුත් කල Android සංස්කරණ සඳහා Google Sign-in පහසුකම සැප්තැම්බරයේ සිට ඉවතට

Android Gingerbread සහ ඊට පෙර නිකුත් කල Android සංස්කරණ සඳහා Google Sign-in පහසුකම සැප්තැම්බරයේ සිට ඉවතට

Android Version 2.3.7 සහ ඊට වඩා අඩු Android Version සහිත Devices සඳහා ඉදිරියේදී Google Apps සඳහා Sign වීමේදී "Username Or Password Error" ඇතිවිය හැකි බව Google සමාගම විසින් දැනුම් දෙනු ලබනවා.

ඒ අනුව මෙය එලැඹෙන සැප්තැම්බර් 27 දින සිට බලපැවැත්වෙන බව Google සමාගම සඳහන් කර ඇත. එසේම Google සමාගම සඳහන් කරන්නේ පවතින Android Apps සහ මෙහෙයුම් පද්ධතිය අවම Android 3.0 Honycomb දක්වා හෝ Update කළයුතු බවයි.

මෙම අපහසුතාවය Gmail, Google Search, Youtube වැනි Google Application සදහා Sign - in වීමේදී පැන නැගිය හැකි බවත් නමුත්, Google පරිශීලකයන්ට Web Browser එක හරහා සම්බන්ධ වීමේදී අපහසුතාවයක් ඇතිවන්නේ නැතැයි Google සමාගම තවදුරටත් සඳහන් කර තිබෙනවා.

පරිශිලකයන්ගේ දත්තවල ආරක්ෂාව සහ පරිශීලක ගිණුම්වල ආරක්ෂාව සඳහා ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස  මෙම ක්‍රියාමාර්ගය ගැනීමට බලාපොරොත්තු වන බවත් මේ පිළිබඳව මේ වන විටත් අදාල පරිශීලකයන් Email මගින් දැනුවත් කර ඇති බවත් ​Google සමාගම විසින් දක්වා තිබෙනවා. සමස්තයක් වශයෙන් සැලකිමේදි Android 2.3.7 Version පරිශීලකයන් සිටින්නේ ඉතා සුළුු ප්‍රමාණයක් වෙනවා.

එම Email පණිවිඩය "Warning" ආකාරයේ Email පණිවිඩයක් වන අතර හැකි ඉක්මනින්ම අදාල මෘදුකාංගයෙන් ඉවත් වන ලෙස හෝ අදාල උපකරණය ඉවත් කරගන්නා ලෙස Google සමාගම එහිදී දැනුවත් කර ඇත.

සැප්තැම්බර් 27 දිනයෙන් පසු අදාළ පරිශීලකයින් විසින් Google, Youtube, Gmail, Google Map, Google Drive සඳහා Resign වීමේදී, නව ගිණුමක් නිර්මාණය කිරීමේදී හෝ Factory Reset කිරීමෙන් පසුව, Account Setting සිදුකිරීමේදී  මෙම "Username Or Password Error" අපහසුතාවය පැන නගිනු ඇත.

Source-  Gadgets 360, Android Community

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara