Google Account එක සඳහා Login වීමේදී Two-Step Verification අනිවාර්ය කරයි

Google Account එක සඳහා Login වීමේදී Two-Step Verification අනිවාර්ය කරයි

අපේ Google Account වෙත log වීමේදී Two-Step Verification හෙවත් 2-factor authentication option එක අපට කැමති නම් භාවිතා කරන්නට හැකියාව ලැබී තිබුණා.

2-Step Verification යනු, ඔබගේ google ගිණුමේ මුර පදය භාවිතා කර  Sign in වීමේදී එම මුරපදය නිවැරදි වුවත්, එසේ  Sign In වනුයේ ගිණුමේ හිමිකරුමද යන්න තවත් මාර්ගයක් හරහා තහවුරු කර ගන්නා ක්‍රමයකි.

මේ සඳහා ඔවුන් ක්‍රම 2ක් භාවිතා කරනු ලබනවා.

  1. ඔබ Sign in වී සිටින වෙනත් device එකක් ඒ අවස්ථාවේ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇත්නම් එමඟින් පහත ආකාරයට තහවුරු කරගනු ලබනවා.

2. ඔබගේ Google ගිණුමට වෙනත් Device එකක් Sign in වී නැත්නම් හෝ Sign in වී නැති Device එකක් අන්තර්ජාලයට සම්බන්ධ වී නොමැති නම්; ඔබ Google ගිණුම සෑදීමේදී ඔබ විසින් ලබා දුන් දුරකථන අංකයට හෝ Recovery Email එකට එක් වරක් පමණක් භාවිතා කළ හැකි Password (OTP) එකක් ලැබෙනවා. එම Password එක ඔබ ඇතුළත් කර පසු ඔබට Google Account එක සඳහා Log වීමට අවස්ථාව ලැබෙනවා.

වාර්තා වලට අනුව Google සමාගම විසින් පරිශීලකයන්ගේ වැඩි ආරක්ෂාව සඳහා මෙම 2 Step Verification ක්‍රමවේදය මේ වසරේ නොවැම්බර් මස 09 වනදා සිට භාවිතා කිරීම අනිවාර්‍ය කර තිබෙනවා.

ඔබට මෙම Two Step Verification හෙවත් Two Factor Authentication ක්‍රමවේදය මෙම සබැඳිය  මගින් දැන්ම enable කරගත හැකි අතර එය කළ යුතුම ආරක්ෂක පියවරක් ලෙසට අප ඔබට යෝජනා කරනවා.

Source: The Verge, GIZMOCHINA

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara