Two factor authentication සක්‍රීය කිරීම නිසා Google ගිණුම් හැක් වීම 50%කින් පහත් වැටී ඇති බව Google සමාගම නිවේදනය කර​යි

Two factor authentication සක්‍රීය කිරීම නිසා Google ගිණුම් හැක් වීම 50%කින් පහත් වැටී ඇති බව Google සමාගම නිවේදනය කර​යි

ලෝක ආරක්ශිත අන්තර්ජාල දිනය වෙනුවෙන් Google සමාගම විසින් පරිශීලකයන්ගේ දත්ත සුරක්ශාව වෙනුවෙන් ගෙන ඇති පියවර කිහිපයක් බ්ලොග් සටහනක් මගින් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


ඔවුන් මේ මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ පසුගිය වසරේ ඔක්තෝබර් මස අග භාගයේදී Two-Step Verification අනිවාර්ය කිරීමත් සමග මිලියන 150කට අධික පරිශීලකයන් ප්‍රමාණයක් ස්වයංක්‍රීයවම Two-step Verification වෙත එක් කර ගෙන ඇති බවයි. මෙම සේවාව ඔබ නව උපාංගකයට ඔබගේ ගූගල් ගිණුම මගින් Log වන විට Password නිවරදි වුවත් Log වූයේ ඔබ විසින්මද යන්න හදුනාගැනීමට භාවිතා වන ආරක්ශක ක්‍රමයක් වේ. මෙම සේවාවේ භාවිතය නිසා ප්‍රධාන වශයෙන්ම ගූගල් Account හැක් වීමේ 50%ක ඉතා විශාල අඩුවීමක් ඇති බව ඔවුන් විසින් වැඩිදුරටත් දක්වා තිබේ.


මේ අතර ගූගල් විසින් නව Security features කිහිපයක් ඔවුන්ගේ පරීශීලකයන්ට ඉදිරියේදී ලබා දීමට සූදානම් වන අතර මේ සදහා ඔවුන් ඒ වෙනුවෙන් ප්‍රමුඛ පෙලේ ආයතන කිහිපයක් සමග කටයුතු කරමින් තිබේ. ලබන මස මුලදී ඔවුන් විසින් google chrome සමග account-level enhanced browsing සේවාව හදුන්වා දීමට නියමිත අතර මෙය ඔබගේ ගූගල් ගිණුමේ සහ වෙබ් අඩවි මගින් එල්ලවන බලපෑම් වලට වැඩි ආරක්ශාවක් සලසණු ලැබේ.


මීට අමතරව google assistant සේවාවන් සදහා නව භාශාවන් 9ක් එක්වන බවත් එහි Guest mode සේවාව මගින් ඔබගේ google assistant device වල History සේව් වීමකින් තොරවම භාවිතයට ගත හැකිවේ. එසේම Google Fi පරිශීලකයන්ට Fi යෙදුම භාවිතයෙන් පවුලේ සාමජිකයන් සිටින ස්ථාන සොයාගත හැකි බව ගූගල් සමාගම විසින් නිවේදනයේ දන්වා තිබුණත් මේ හා සමාන සේවාවක් Google map මගින් මේ වන විටත් ඔබට ලබා ගත හැකිය.

Source: Google Blog

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna