'AI Godfather', Geoffrey Hinton Google සමාගමෙන් ඉවත්වන බවට ප්‍රකාශ කරයි

පසුගිය දිනෙක BBC පුවත් සේවය වෙත සඳහන් කරන ලද තොරතුරු වලට අනුව ඔහු විසින් සිදුකළ ප්‍රකාශය තරමක් ආන්දෝලනාත්මක අන්දමේ ප්‍රකාශයක් බවට පත් වූයේ ඔහු ඒ වන විට සේවය කළ Google සමාගමෙන් ඉවත් වන බව පැවසීමයි.

'AI Godfather', Geoffrey Hinton Google සමාගමෙන් ඉවත්වන බවට ප්‍රකාශ කරයි

Geoffrey Hinton පිළිබඳව පාඨක ඔබ මේ වන විටත් අසා ඇති බවට මා විශ්වාස කරමි. මන්දයත් පසුගිය කාල වකවානුව තුළ ඇතිවූ තාක්ෂණික රැල්ලෙහි ඉදිරියෙන්ම පැවති AI නොහොත් කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් පරිශීලනය කරන්නාවූ ඔබට Hinton යන නාමය එතරම් නුපුරුදු නොවේ.

පසුගිය දිනෙක BBC පුවත් සේවය වෙත සඳහන් කරන ලද තොරතුරු වලට අනුව ඔහු විසින් සිදුකළ ප්‍රකාශය තරමක් ආන්දෝලනාත්මක අන්දමේ ප්‍රකාශයක් බවට පත් වූයේ ඔහු ඒ වන විට සේවය කළ Google සමාගමෙන් ඉවත් වන බව පැවසීමත්, මේ වන විට ඇතිවී පවතින AI හි නැගී සිටීම තරමක් භයානක ස්වරූපයක් ගන්නා බව පෙනෙන බවත් පැවසීම නිසායි. ඔහු සිදුකළ ප්‍රකාශය පහත සඳහන් වේ.

"Right now, they're not more intelligent than us, as far as I can tell. But I think they soon may be." - Geoffrey Hinton

මෙහි ඔහු විසින් සඳහන් කරනු ලබන ආකාරයට AI භාවිතය සඳහා යොදාගන්නා මෙවලම් සහ තාක්ෂණය දැනට මිනිසාට සාපේක්ෂව බුද්ධිමත් නොවූව ද ඉතාමත් ආසන්න කාලයකදී එය සැබෑවක් වනු ඇති බවයි.

BBC News සමග ඇතිවූ සාකච්ඡාව 

මෙලෙස ඔහු විසින් ප්‍රකාශයක් සිදු කිරීමෙන් අනතුරුව තමා හට කලකිරීමක් ඇති බව සඳහන් කළ ද වසර 75ක් පමණ වූ Hinton සඳහන් කළේ තමාගේ වයස හේතුවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළ බවයි. කෙසේ නමුත් ඔහු සඳහන් කළ ප්‍රකාශය විවිධාකාරයෙන් විචාරකයන්ගේ අදහස් වලට භාජනය වීම සිදුවූ අතර එහිදී මතුවන කරුණ වන්නේ එහි සත්‍යතාවයක් ඇති බවයි.

මේ වන විට පවතින ChatGPT වැනි AI යෙදවුම් සඳහා යොදාගන්නා Neural Network සහ Deep Learning සමබන්ධව ක්‍රියාකරන පුරෝගාමියෙකු වන Hinton විසින් සිදුකළ මෙම ප්‍රකාශය මෙන්ම මීට පෙර ද විවිධ ක්ෂේත්‍ර ගණනාවක විද්වතුන් විසින් මතුකළ අදහස් සැලකිල්ලට ගත්කළ AI මගින් මිනිසා "Replace" වීමට යම් සම්භාවිතායක් පවතී. නමුත් එසේ "Replace" වීමක් සිදුවන්නේ එම තාක්ෂණය සමගම ඉදිරියට යන්නාවූ පුද්ගලයන් නොව එම තාක්ෂණය පසෙකලා ගමන් කරන්නාවූ පුද්ගලයන් බව සැකෙවින් වටහාගත හැකිවේ.

Sources: Economictimes Edition CNN BBC

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna