GitHub වෙනුවට Gitee නමින් විකල්පයක් චීන රජය විසින් හඳුන්වා දේ

GitHub වෙනුවට Gitee නමින් විකල්පයක් චීන රජය විසින් හඳුන්වා දේ

වර්තමානය වන විට චීන සමාගම් පාරිභෝගිකයින් සඳහා අන්තර්ජාල සේවා පිළිබඳ දැඩි ග්‍රහණයක් ඇති කර ගෙන ඇති නමුත් දෘඩාංග හා ව්‍යවසාය මෘදුකාංග යටින් පවතින බොහෝ මූලික තාක්ෂණයන් බටහිර සමාගම්වල පවතිනවා. තාක්ෂණික ව්‍යාපාර වඩ වඩාත් පුළුල් භූදේශපාලනික ආරවුල් වලට පැටලෙත්ම, ඔවුන්ගේ පරිශීලකයින්ට සහ සේවාදායකයින්ට ද ඒ වෙනසට සහ එමඟින් ඇති වෙන අවාසි වලට මුහුණ දෙන්න වෙනවා. Huawei සමාගම සඳහා ඔවුන්ගේ චිප් නිපදවීම සඳහා අවශ්‍ය අමු ද්‍රව්‍ය සැපයීම ඇමරිකානු තාක්ෂණය භාවිතා කරන සමාගම් වලට තහනම් කිරීම මෙයට උදාහරණයක්.

තාක්ෂණික ලෝකයේ බහුලව භාවිතා වෙන අංශයක් වන්නේ source coding host වෙබ් අඩවි. මේවා අතරින් වඩාත් ප්‍රචලිත වෙබඩවිය වන්නේ GitHub එකයි. චීන මෘදුකාංග සංවර්ධකයන්ට 2013 වර්ෂයේ සිට රජය විසින් GitHub වෙබ් අඩවිය තහනම් කර තිබෙනවා. එමෙන්ම පසුගිය ජූලි මාසයේ සිට ඉරානය, සිරියාව සහ ක්‍රිමියාව වැනි රටවලට GitHubහි ඇතැ සේවාවන් අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

ඉතින් මෙයට විසඳුමක් ලෙස චීන ජාතික ව්‍යාපාර වල මෘදුකාංග කේතනයන් host කිරීම සඳහා platform එකක් නිර්මාණය කිරීමට චීනයේ ඉහළම තාක්ෂණික සෙවා සම්පාදකයෙකු වන GITEE නම් ආයතනය කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය විසින් තෝරා ගෙන තිබෙනවා.මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ෂෙන්සෙන් හි පිහිටි open source community සහ GITEE යන සමාගම්වල නායකත්වයෙන් .

“open source නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා චීනයට තමන්ගේම open source community එකක් නොමැති නම්, අපගේ දේශීය මෘදුකාංග කර්මාන්තය පාලනය කළ නොහැකි සාධක වලට ගොදුරු වනු ඇත” යැයි Huawei හි විධායක වැන්ග් චෙංලු පසුගිය අගෝස්තු මාසයේදී පැවති උත්සවයකදී පැවසුවා .

Gitee කියා සිටින්නේ මිලියන 10 කට අධික open source repositories පවත්වාගෙන ගොස් ඇති අතර මේ වන විට මිලියන 5කට අධික සංවර්ධකයින්ට සේවා සපයන බවයි. ඔවුන් මෙය සංසන්දනාත්මකව ගෙන හැර පෑමට GitHubහි පසුගිය නොවැම්බර් මාසයේදී ලොව පුරා repositories මිලියන 100 ක් සහ ලොව පුරා සංවර්ධකයින් මිලියන 31ක් පමණ සිටින බව වාර්තා කළා.

ප්‍රශ්නය නම්, Gitee හි platform එකට චීන සංවර්ධකයින්ට GitHub වෙතින් සංක්‍රමණය වීමට උනනදු කරවිය හැකිද යන්නයි. ඒ කෙසේ වෙතත් GitHub සඳහා “චීන විකල්පයක්” ලෙස තමන්ට ඉඩක් ඇති බව Gitee පැහැදිලිවම විශ්වාස කරයි.

“open source ecosystem එකක් එක රැයකින් ගොඩනගා ගන්න බැහැ . එය වැලි වලින් කුළුණක් තැනීමක් වැනි ක්‍රියාවලියකි. චීන සංවර්ධකයින්ගේ නවෝත්පාදන බලය පිළිබඳව අපට විශ්වාසයක් ඇත. අපගේ උත්සාහය හා උත්සාහය ගැන අපි විශ්වාස කරමු. ” ලෙස චීනය තවදුරටත් පවසා තිබෙනවා.

Gitee

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara