අනුමැතියකින් තොරව ගෙන්වූ Apple උපාංග අළුත්වැඩියාවට භාර නොගන්නා ලෙස TRCSL විසින් සේවා සපයන්නන් වෙත දැනුම් ​දේ

අනුමැතියකින් තොරව ගෙන්වූ Apple උපාංග අළුත්වැඩියාවට භාර නොගන්නා ලෙස TRCSL විසින් සේවා සපයන්නන් වෙත දැනුම් ​දේ

ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ඇතුලු සන්නිවේදන උපකරණයන් ආනයන කිරීමේදී ඒවා රට තුල භාවිතා කිරීමට නම් විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය හිමිවිය යුතු යැයි නීති විදිවිධාන පවතින බව ඔබ අප හොදින්ම දන්නා කාරණාවක් වන අතර ඒ පිළිබඳව අප විසින් කිහිප විටකදීම ඔබව දැනුවත් කර ඇති බව ඔබට මතක ඇති.

මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිසම විසින් ඔවුන්ගේ නීති විදිවිධානයන් වල භාවිතාව වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඔවුන් විසින් මෙරටට ආනයනය කල TRCSL අනුමැතිය නැති ජංගම දුරකතනයන් හෝ TRCSL අනුමැතිය අවශ්‍ය වෙනත් උපාංග වල දෝෂ මතුවුවහොත් ඒවා වල warranty claim කිරීම හෝ අලෙවියෙන් පසු සේවාව ලබාදීම සඳහා ඒ රට වලට යලි යැවීම සඳහා ප්‍රතිඅපනයන හෙවත් re-export බලපත්‍රය ලබා දීම සහ එලෙසින් යැවූ ජංගම දුරකතන යලි ආනයන කිරීම සඳහා වන බලපත්‍රය සහ නව දුරකතනයේ IMEI අංකය ලියාපදිංචි කිරීම සිදු නොකරන බවට අපට වාර්තා වී තිබෙනවා.

මේ විදිවිධානයන්ට අනුකූල වෙමින් GENXT ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය සහ ලියාපදිංචිය නැති Apple සමාගමේ නිෂ්පාදිත උපාංග සඳහා ඔවුන් විසින් අළුත්වැඩියා කිරීමේ සේවය ලබා නොදෙන බවයි. ඒ අනුව GENXT ආයතනය විසින් ඉල්ලා සිටින්නේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචිය නැති Apple උපාංග අළුත්වැඩියාව සඳහා ඔවුන් වෙත රැගෙන ඒමෙන් වැළකී සීටින ලෙසටයි.

මෙම තීරණය හේතුවන් අපහසුතාවයට පත්වන Apple උපාංග භාවිතා කරන පරිශීලකයන්ට සිදු වන අපහසුතාවයට ඔවුන් සිය කණගාටුව පල කර සිටින බවද, ඔවුන්ට ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලව ව්‍යාපර කටයුතු සිදු කිරීමට උපරිම සහය ලබා දෙන ලෙසින් ඉල්ලා සිටින බවද ඔවුන් Android වැඩකාරයෝ වෙත වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna