GDG DevFest Sri Lanka 2022 දෙසැම්බර් 10,11 දිනයන්හිදී පැවැත්​වේ

GDG DevFest Sri Lanka 2022 දෙසැම්බර් 10,11 දිනයන්හිදී පැවැත්​වේ

Google සමාගමේ නවතම තාක්ෂණික යෙදවුම් ගැන උනන්දු වෙන හැමෝම හොඳින් දන්න developer community එකක් විදිහට GDGs හඳුන්වන්න පුළුවන්. ලොව පුරා තියෙන GDGs එහෙමත් නැත්නම් Google Developer Groups විසින් සංවිධානය කරන තාක්ෂණික සමුළුවක් තමයි DevFest කියන්නේ.

විවිධ රටවල්වල ඉන්න තාක්ෂණය ගැන ආසාවක් තියෙන අයගේ අවශ්‍යතාවයන් සහ රුචිකත්වයන් අනුව මේ DevFest events සංවිධානය වෙනවා. ප්‍රායෝගික ඉගෙනුම් අවස්ථා, ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින් සිදු කරන දේශන, සරලවම කියනවනම් අනිත් developersලා හමුවීම හරහා DevFest සහභාගීවන්නන්ට Google සමාගමේ නවතම තාක්ෂණික මෙවලම් ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක පැවැත්වෙන DevFests වලට සමගාමිව ශ්‍රී ලංකාවේ Google Developers Group Sri Lanka විසින් ලංකාවේ සිටින තාක්ෂණය ගැන ඇල්මක් දක්වන අය වෙනුවෙන් වසරේ දැවැන්තම තාක්ෂණික සමුළුව වන GDG DevFest Sri Lanka 2022 දෙසැම්බර් මස 10,11 දිනවල කොළඹදී පැවැත්වීමට සුදානම් කර තියෙනවා.

Corona වසංගත තත්ත්වය හේතුවෙන් වසර දෙකකට අධික කාලයක් පුරා මාර්ගගත ආකාරයට සියලුම කටයුතු කරගෙනයාමෙන් අනතුරුව, DevFest Sri Lanka 2022 මේ විදිහට මාර්ගගත නොවන ආකාරයට පවත්වනු ලබනවා. මෙම සමුළුව සඳහා Google Developers Group Sri Lanka සමග Google Cloud Sri Lanka සහ Women Techmakers Sri Lanka සහයෝගිතා දායකත්වය ලබා දෙනවා.

දෙදින වැඩසටහනක් ලෙසින් පැවැත්වීමට නියමිත DevFest Sri Lanka 2022 පළමු දිනය දෙසැම්බර් මස 10 වන සෙනසුරාදා දින කොළඹ 04 Informatics Institute of Technology පරිශ්‍රයේදී පැවැත්වෙන අතර එහි දෙවන දිනය දෙසැම්බර් මස 11 වන ඉරිදා දින කොළඹ 07 මියුසියස් විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පළමු දිනයේදී කාණ්ඩ හතරක් යටතේ CodeLab sessions පැවැත්වෙන අතර, දෙවන දිනයේදී Google සමාගමේ නවතම තාක්ෂණික තොරතුරු ගැන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින් සිදුකරන දේශන වලට සහභාගී වීමට අවස්ථාව උදාවෙනවා.

මෙම ලිපිය අප වෙත ලබා දුන්නේ GDG Sri Lanka Volunteers සමූහයේ සාමාජිකයෙකු වන වින්දුල දිසානායක සොහොයුරා විසි​නි

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara