නිකුත් වීමට නියමිත Galaxy S24 මාදිලිය සඳහා Real Time Call Translate පහසුකම හඳුන්වාදෙන බවට තොරතුරු වාර්තා වෙයි

එළිදැක්වීමට නියමිත Galaxy Devices සඳහා ChatGPTට ප්‍රතිවාදියෙකු ලෙසින් Samsung Gauss ලෙසින් නව Language Model එකක් භාවිතා කරනු ඇතැයි තොරතුරු වාර්තා වනවා

නිකුත් වීමට නියමිත Galaxy S24 මාදිලිය සඳහා Real Time Call Translate පහසුකම හඳුන්වාදෙන බවට තොරතුරු වාර්තා වෙයි

එළිදැක්වීමට නියමිත Galaxy Devices සඳහා ChatGPTට ප්‍රතිවාදියෙකු ලෙසින් Samsung Gauss ලෙසින් නව Language Model එකක් භාවිතා කරනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. බොහෝ දෙනෙකු අපේක්ෂා කරනුයේ මෙය මුලින්ම 2024 වසරේ නිකුත් වීමට නියමිත Galaxy S24 Lineup එක සමඟින් හඳුන්වාදෙනු ඇති බවයි.

මෙම Samsung Gauss හි ප්‍රධාන කොටස් 3ක් පවතින අතර ඒවා නම් Gauss Language, Gauss Code සහ Gauss Image වනවා. මෙම සියල්ලම ChatGPT සහ Google Bard වෙත තරඟයක් ලබාදීම සඳහා නිර්මාණය කොට තිබෙනවා.

මෙම Language Model එකත් සමඟම Galaxy S24 Series එක සඳහා Real Time Phone Call Translate යන විශේෂාංගය හඳුන්වාදෙනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. මෙම විශේෂාංගය උපාංගය මතම ක්‍රියා කරන අතර Calls වල Data කිසිවිටකත් ඔවුන්ගේ Servers වෙත Upload වීමක් සිදු නොවනවා. මෙම Real Time Phone Call Translate පහසුකම හරහා Audio සහ Text යන ආකාර දෙකෙන්ම Translations ලබා ගත හැකිවනවා.

නිකුත් වීමට නියමිත Samsung Gauss සහ Galaxy S24 Lineup එක පිළිබඳව ඉදිරියේදීත් තොරතුරු දැනගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟ රැඳී සිටින්න.

Source: news.samsung.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna