ලංකාවේ ප්‍රථම 3D Animated movie එ​ක ගජමෑන් චිත්‍රපටයේ ප්‍රථම දිගහැරුම දෙසැම්බර් 9 වෙනිදා; ඇයි මෙච්චර පරක්කු උනේ?

ලංකාවේ ප්‍රථම 3D Animated movie එ​ක ගජමෑන් චිත්‍රපටයේ ප්‍රථම දිගහැරුම දෙසැම්බර් 9 වෙනිදා; ඇයි මෙච්චර පරක්කු උනේ?

ලංකාවේ මුල්ම 3D Animated Movie එක වෙන ගජමෑන් ගැන ඔයාලට ආයෙත් අලුතින් හඳුන්වලා දෙන්න ඕනේ නැහැනේ.

ඉතින් මේ Movie එක Release වෙන්න තිබුනේ 2018 වසරේ. ඒත් අවාසනාවකට මේ Movie එක අද වෙනකනුත් Release වෙලා නැහැ. ඉතින් මේක ඇයි Theaters වල පෙන්නුවේ නැත්තේ?

මේකට ප්‍රධාන වශයෙන්ම බලපාපු හේතු 2ක් තියෙනවා. ඒ තමයි Film Halls වල පෙන්නන්න බැරි වෙන්න වාරණ නියෝගයක් නිකුත් කරලා තියෙන එක. ඒ ලංකාවේ දේශපාලනයට මඩ ගැසීමක් මේ චිත්‍රපටය හරහා වෙනවා කියලා.

අනිත් හේතුව තමයි මේ චිත්‍රපටය හරහා නරක පණිවිඩ එහෙමත් නැත්තම් ළමයින් සඳහා නොවන රළු භාෂාව, ප්‍රචණ්ඩත්වය වැඩිහිටියන් සඳහා පමණක් වන Age Restricted Content තියෙන Movie එකක් වන නිසා කියලා.

ඉතින් මේ ප්‍රශ්න විසදිලා මේකෙ Final Cut එක පසුගිය මාසේ මේ Movie එක හදපු Studio 101 එකෙන් Ready කරලා තියෙනවා. මේකේ Limited Edition එකක් ලබන දෙසැම්බර් මස 9 වෙනිදා Scope Cinema ශාලා වල Release වෙනවා කියලා මෙයාලා නිල වශයෙන් ප්‍රකාශ කළා.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna