අනාගතයේදී ජංගම දුරකථන display නිෂ්පාදනය සඳහා දැව භාවිතා යොදාගැනීමට විද්‍යාඥයන් විසින් පර්‍යේෂණ කරයි

අනාගතයේදී ජංගම දුරකථන display නිෂ්පාදනය සඳහා දැව භාවිතා යොදාගැනීමට විද්‍යාඥයන් විසින් පර්‍යේෂණ කරයි

තාක්ෂණය කියන්නේ සැම තත්පරයක් පාසාම වෙනස් වෙන දෙයක්. ඔයා මේ ලිපිය කියවන වේලාවෙත් අලුත් සොයාගැනිමක්, නව නිපදවීමක් ලෝකයට බිහි කරන්න සැලසුම් වෙනවා, නැත්තම් බිහි වෙනවා. ඉතින් පසුගිය වසර කිහිපයක ඉදන්ම පර්යේෂකයින් විසින් වීදුරු සදහා ආදේශ ලෙස යොදා ගත හැකි පරිසර හිතකාමි දේවල් ගැන පර්යේෂණ කරමින් ඉන්නවා. මේ වන විට ඔවුන් දැනට දැව යොදා ගැනීමට පර්යේෂණ කරමින් සිටිනවා. ඒ වගේම මෙය Smartphone නිෂ්පාදනයටද යොදා ගැනිමත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ පිළිබඳව පර්යේෂණ තොරතුරු එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පිළිබඳව පර්යේෂණ සිදු කර තිබෙන්නේ පර්යේෂක ජුන්යොන්ග් ෂු (Junyong Zhu) විසින් මේරිලන්ඩ් සහ කොලරාඩෝ විශ්ව විද්‍යාලය සමග එක්වයි. මොවුන් විසින් බෝල්සා දැව (Balsa wood) දැව යොදා ගෙන මේ පර්යේෂණ සිදු කර ඇති අතර මෙලෙස නිපදවු Transparent wood වලට වීදුරුවලට වඩා කල්පැවැත්මක් ඇති අතර ශක්තිය අතින් හා සැහැල්ලු බවින් ද ඉහලයි.

Balsa දැව මේ වන විටත් ආකෘති සැදිමට, ඇසුරුම් කරණයට, පරිවරණ උපකරණ සැදිමආදියට යොදා ගනී. Balsa දැව කාමර උෂ්ණත්වයේදි ඔක්සිකරණයට ලක් කර Polyvinyl Alcohol (PVA) එකතු කිරිමෙන් Transparent wood සාදා ගනී.

මෙලෙස Balsa දැව මගින් නිපදවන Transparent woodහි තාප ධාරිතාවය, ශක්තිමත්බව, කල්පැවැත්ම හා සැහැල්ලු බව සාමාන්‍ය වීහුරු වලට වඩා ඉහල වේ. ඒ වගේම නම්‍යශීලී වේ.

දැනට මෙය ජනේල ආදියේ වීදුරු සදහා ආදේශයක් වන අතර ඉදිරියේදි මොටර්රථ කර්මාන්තය සදහාද සංවර්ධනය කිරිමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අනාගතයේ දි මේ පර්යේෂණ සාර්ථක වුවහොත් ජංගම දුරකථනවල ද මේ දැව වීදුරු දැක ගත හැකි වේ.

Sources: Gizmochina,  Phonearena

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara