සැටලයිට් ⁣ෆෝන් අතීතයට එකතු වේවි ද ?

සැටලයිට් ⁣ෆෝන් අතීතයට එකතු වේවි ද ?

මීට අවුරුදු කිහිපයකට ඉහතදී Travel සහ Hiking කරන අය අතර බෙහෙවින් ජනප්‍රියතම අයිතමය උනේ සැටලයිට් ෆෝන් එක. මොකද යම් අවස්ථාවක දී ඔවුන් කරදරයට පත් වූ විට හෝ අතරමං වූ විට අදාල අංශයන් දැනුම්වත් කිරීමට ඇති එකම මාර්ගය වන්නේ සැටලයිට් ෆෝන් එකයි. තවත් තවත් සරල විදියට කිව්වොත් අප සාමාන්‍යයෙන් භාවිතා කරන ස්මාර්ට් ජංගම දුරකථනය ඩෙඩ් සෝන් එකට එහෙම නැත්නම්, සිග්නල් නොමැති ප්‍රදේශයකට ගියාට පස්සේ අපිට ඒකෙන් වැඩක් ගන්න බැහැ. හැබැයි, සැටලයිට් ෆෝන් එක පාවිච්චි කරන එකේ වැදගත්කම තමයි අපි යන ඕනෑම තැනක ඉඳන් අපිට ඕන කෙනෙක්ව අමතන්න පුළුවන් වීම සහ මැසේජ් යැවිමට ඇති හැකියාව. ‌‌

සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් එහි ජීවත්වන අපිට මෙම සැටලයිට් ෆෝන් එක ඇත්තටම පාවිච්චි කරන්න පුලුවන්ද ? මොකද සැටලයිට් ෆෝන් එකක් ගන්න ඩොලර් 600 එහෙම නැත්තං රුපියල්වලින් ලක්ෂ දෙකහමාරක් විතර ඕනෙ වෙනවා. නමුත් ඇත්තටම ඒ වියදම එතනින් ඉවර වෙනවද? සාමාන්‍යයෙන් ස්මාර්ට් ජංගම දුරකථනයක් පාවිච්චි කරනකොට ඒක රීචාජ් කරන්න ඕන. එහෙම නැත්නම් රීලෝඩ් කරන්න ඕන ඒ රුපියල් සීයක් දෙසීයක් වගේ.‌‌

සැටලයිට් ෆෝන් එකට කොහොමද මේ දේවල් වැඩකරන්නේ ? සැටලයිට් ෆෝන් එකේ දී සාමාන්යයෙන් සිම් කාඩ් එක එහෙම නැත්නම් ජාල සැපයුම්කරු වෙනස් කරන්න බැහැ. මුලින් ලබා ගත් සැටලයිට් ෆෝන් එකම තමයි අදාළ කනෙක්ෂන් එකට අදාළ සමාගම සමඟ සම්බන්ධ වෙන්නේ. එහි දී සාමාන්‍යයෙන් විනාඩියකට ඩොලර් හතරක මුදලක්, එසේ නොමැති නම් රුපියල් 1400 මුදලක් පමණ ගෙවිය යුතු වෙනවා. නැතහොත් ඔබට Emergency Service ලෙස වාර්ෂිකව ඩොලර් 300ක්, එසේ නොමැතිනම් රුපියල් එක් ලක්ෂ විසිදාහක මුදලක් ගෙවා මෙම පහසුකම ලබාගත හැකි වෙනවා.‌‌

මේ සඳහා ලෝකයේ ප්‍රධාන සමාගම් තුනක් තියෙනවා. ‌‌

පළවෙනි සමාගම තමයි Iridium. එයට සැටලයිට් 66 කින් සමන්විත දැවැන්ත ජාලයක් ඔස්සේ සම්පූර්ණ ලෝකයම අවරණය කිරීමට ඔවුන්ට හැකිවී තියෙනවා. අනිත් සමාගම තමයි Globalstar. එය සැටලයිට් විසි හතරකින් පමණ සමන්විතයි. අවසාන වශයෙන් දැක්විය හැක්කේ Inmarsat සමාගමයි.‌‌

නමුත් දැනට තිබෙන ගැටලුව තමයි Hiking හෝ Travel කරන පුද්ගලයෙකු ස්මාර්ට් ජංගම දුරකථනයක් සහ සැටලයිට් දුරකථනයක් යන දෙකම භාවිතා කළ යුතුය යන්නයි. ඉතින් ඒ අනුව මේ වසර තුළ ජංගම දුරකථන සදහා Starlink සම්බන්ධතාව ලබා දීමට T-Mobile සමග SpaceX සමාගම සුදානම් වෙන බවත් මෙ වෙන විට ඔබ දන්නවා. Starlink කියන්නේ දැනට ලෝකයේ පවතින දැවැන්තම සැටලයිට් ජාලයක් වන අතර මෙය Elon Musk විසින් ගොඩනගාගෙන යනු ලබනවා. ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ වෙලා තියෙන්නේ අධිවේගී ඉන්ටර්නෙට් ජාලයක් ගොඩනැගීමයි.

ඒ අනුව ඉහත ගැටලුවට පිළිතුරක් ලැබි තියෙනවා. සැටලයිට් දුරකථනයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කිරීම වෙනුවට නුදුරු අනාගතයේදීම ස්මාර්ට් ජංගම දුරකථනයක් පමණක් භාවිතා කිරීමට අවස්ථාව පවතිනවා.‌‌

Sources: Thiojoe CNET

‌‌

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara