Netflix සඳහා Free Subscription එකක් හඳුන්වාදීමට සූදානම් වෙයි

Netflix සමාගමේ අදායම වැඩි කර ගැනිම සඳහා නව ක්‍රියා මාර්ග දෙකක් ගැනීමට Netflix සමාගම විසින් සුදානම් වන බවට නවතම තොරතුරු වාර්තා වනවා.

Netflix සඳහා Free Subscription එකක් හඳුන්වාදීමට සූදානම් වෙයි

ඔබට මතක ඇති මීට පෙර Netflix විසින් Password Sharing පහසුකම නවතා දැමීමට කටයුතු කළ බව. ඒත් සමඟින් එම පහසුකම ඔස්සේ Netflix භාවිත කළ බොහෝ දෙනා නව ගිණුම් සාදා ගනිමින් Netflix වෙත නැවත එකතු වනු ලැබුවා. කෙසේ වෙතත් මෙලෙස එම පහසුකම ඉවත් කිරීම ඔස්සේ ද ඔවුන්ට බලාපොරොත්තු වු තරම් ආදායමක් ලබා ගැනීමට හැකි වි නොමැති බව වාර්තා වනවා. මේත් සමඟින් සමාගමේ අදායම වැඩි කර ගැනිම සඳහා නව ක්‍රියා මාර්ග දෙකක් ගැනීමට Netflix සමාගම විසින් සුදානම් වන බවට නවතම තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව ඔවුන් විසින් Free Netflix Plan එකක් හඳුන්වා දීමට සහ දැනට ලබා දී ඇති Plansවල මිල වැඩි කිරිම පිළිබඳවත් ඔවුන් සළකාබලමින් සිටින බව දක්වන්න පුලුවන්.


මීට දින කිහිපයකට පෙර Netflix Premium Subscription එක වු ඩොලර් 9.99කට ලබා දී තිබුණ Plan එක ඉවත් කර තිබෙන අතර ඒ වෙනුවට Ad Based Premium Subscription එකක් සහ Ad free Premium Subscription එකක් හඳුන්වා දෙනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. මින් Ad Based Subscription එක ඔස්සේ Netflix Content සියල්ලම නැරඹිය හැකි වන අතර වෙළෙඳ දැන්වීම් පෙන්වීම ද සිදු වනු ලබනවා.

වෙළෙඳ දැන්වීම් නොමැතිව Netflix Content සියල්ල නැරඹිමට නම් Ad Free Subscription එක ලබා ගැනීමට සිදු වනවා. මේ Ad Based Subscription එක ඩොලර් 15.49කටත්, Ad Free Subscription එක ඩොලර් 19.99කටත් හඳුන්වා දෙනු ඇතැයි වාර්තා වන තොරතුරු අනුව බලාපොරොත්තු වෙන්න පුලුවන්.

මෙලෙස Premium Subscriptionsවල මිල ගණන් වැඩි කිරිමත් සමඟ Netflix Free Subscription එකක් හඳුන්වා දෙනු ඇතැයි ද වාර්තා වන තොරතුරු අනුව දක්වන්න පුලුවන්.

මේ Free Subscription එක ඔස්සේ තෝරාගත් Content පමණක් Netflix ඔස්සේ නොමිලේ නැරඹිමේ හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්. කෙසේ වෙතත් මෙය Ad Heavy Version එකක් වනු ඇතැයි දක්වන්න පුලුවන්. එනම් සරලවම YouTube මෙන් Free Subscription එක ඔස්සේ නැරඹිය හැකි Contents වෙළඳ දැන්වීම් සමගින් නැරඹිමේ හැකියාව හිමි වේයැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.


කෙසේ වෙතත් තවමත් මේ Free Subscription එක නිසකවම Netflix සමාගම විසින් තවමත් නිල වශයෙන් තොරතුරු වාර්තා කර නොමැකි වනවා.

Source: BGR.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna