තාක්ෂණික ලෝකයේ අලුත්ම Foldable Laptops

මේ වන විට තාක්ෂණික ලෝකයේ ජනප්‍රියම මාතෘකාවක් ලෙස Foldable Laptops හඳුන්වා දිය හැකියි. Foldable Phones මෙන්ම මේ වන විට Foldable Laptop ද වෙළදපොළට පැමිණ තිබෙන්නේ අනාගත තාක්ෂණික ලෝකයේ චමත්කාරය තව තවත් වැඩි කරමිනි.

තාක්ෂණික ලෝකයේ අලුත්ම Foldable Laptops

මේ වන විට තාක්ෂණික ලෝකයේ ජනප්‍රියම මාතෘකාවක් ලෙස Foldable Laptops හඳුන්වා දිය හැකියි. Foldable Phones මෙන්ම මේ වන විට Foldable Laptop ද වෙළදපොළට පැමිණ තිබෙන්නේ අනාගත තාක්ෂණික ලෝකයේ චමත්කාරය තව තවත් වැඩි කරමිනි. පසුගිය කාලයේ පරිඝණක නිෂ්පාදන සමාගම් විසින් Foldable Laptop මාදිලි කිහිපයක්ම වෙළදපොළට නිකුත් කළ අතර එම Laptop පරිගණක කිහිපයක තොරතුරු මෙසේ දැක්විය හැකිය.

The Lenovo ThinkPad X1 Fold

Lenovo සමාගම ඔවුන්ගේ මෙම ThinkPad X1 laptop පරිගණකය සමගින් Foldable Laptop තරගයේ පළමු වෙඩි මුරය බවට පත් විය. ලෝකයේ පළමු Foldable Laptop එක ලෙස මෙය ජනප්‍රිය වුවත් ඒ වන විට මෙහි දෝෂ සහගත තත්ත්වයන් බොහොමයක් තිබෙන්නට විය. නමුත් කාලයත් සමඟ Lenovo සමාගම එම දෝෂ නිවැරදි කරමින් පාරිභෝගිකායට හොද අත්දැකීමක් ලබා දීම සදහා මෙම Laptop පරිගණකය මේ වන විට වැඩි දියුණු කර තිබෙනවා. එය අගල් 16.3 තිරයකින් සහ Intel Chip System එකකින් සමන්විත ඇති අතර Carbon fiber යොදාගනිමින් පිටත සැකැස්ම නිපදවා තිබෙනවා.

Asus Zenbook 17 Fold

මෙම Asus's Zenbook 17 Fold laptop පරිගණකය Foldable පරිගණකවල ඇති විශාලම තිරය සඳහා හිමිකම් කියන බව දක්වන්න පුලුවන්. එ අගල් 17.3 ක Touchscreen සහිත OLED 2.5K Resolution එකක් සහිත තිරයක් සමඟිනුයි. එය Fold කිරීම ඔස්සේ අගල් 12.5  වැනි Tablet එකක් පත් කර ගත හැකියි. මෙය Laptop device, Desktop device මෙන්ම Tablet device එකක් ලෙසද භාවිතා කර හැකි අතර External PC එකක් සමග සම්බන්ධ කිරීමෙන් එය දිගු කලක් භාවිතා කල හැකිය. මෙහි Hinge එක සඳහා 30,000 ක Fold සහ Unfold rate එකක් ඇති අතර දිගු කාලයක් කිසිදු දෝෂයකින් තොරවන භාවිතා කල හැකිය.

HP Spectre Foldable

HP සමාගමේ පළමු Foldable Laptop පරිගණකය වන මෙය ඔවුන්ගේ Spectre lineup එකේ පරිගණකයක් වේ. Asus මෙන්ම මෙය දිග හැරීමේදී අගල් 17.3 විශාල screen එකක් ලැබෙන අතර Hinge පද්ධතිය මගින් පරිශීලකයාට විවිධ කෝණ තුලින් නවතම අත්දැකීම් ලබා දීමට මෙය සමත් වී ඇත.

මෙම පරිගණක් සියල්ලම Desktop and Laptop යන ආකාර දෙකෙන්ම භාවිතා කල හැකිය.

මෙම Foldable Laptop වෙළදපොළට පැමිණීමෙන් ම තාක්ෂණික ලෝකයේ තවත් පැතිකඩක් විවර කල අතර තාක්ෂණික ලෝකයේ නවතම පුවත් සහ විස්තර දැනගැනීමට රැදී සිටින්න Android වැඩකාරයෝ අපි සමග.

Source: indianexpress

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara