iPad සඳහා පළමු WhatsApp Beta සංස්කරණය නිකුත් කරයි

මෙතෙක් WhatsApp සහාය නොදැක්වූ iPad සඳහා Meta සමාගම විසින් ප්‍රථම WhatsApp Beta සංස්කරණය නිකුත් කොට තිබෙනවා.

iPad සඳහා පළමු WhatsApp Beta සංස්කරණය නිකුත් කරයි

Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.


Apple iPad පරිශීලකයන්ට බොහෝ කලෙක සිට තිබූ ගැටලුවක් වූයේ, iPad එකට Normal WhatsApp App එක සහාය නොදැක්වීමයි. මේ හේතුවෙන් ඔවුන්ට සිදු වූයේ WhatsApp Web හරහා Account එක Link කොට භාවිතා කිරීමයි.

කෙසේ වෙතත් මීට පිළියමක් වශයෙන් Meta සමාගම විසින් iPad සඳහා ප්‍රථම WhatsApp Beta සංස්කරණය නිකුත් කොට තිබෙනවා.

Source: wabetainfo.com

කෙසේ වෙතත් මෙය භාවිතා කිරීමටද ඔබ විසින් ඔබගේ දුරකථනයේ ඇති WhatsApp ගිණුම QR Code එක Scan කිරීම මඟින් Link කර ගත යුතුවනවා.


මේ වන විට මෙහි Beta Program එක සම්පූර්ණයෙන්ම පිරී ඇති අතර එයට අලුතින් කිසිවෙකුටවත් Join විය නොහැකි අතර මෙය නුදුරේදීම සියලුම පරිශීලකයන් සඳහා නිකුත්වනු ඇතැයි බලාපොරොත්තු විය හැකිවනවා.

ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna