අන්තර්ජාලය වෙත නිකුත් වූ වීඩියෝවකින් Google Pixel 6 Pro දුරකථනයේ හැඩය යැයි සැලකෙන තොරතුරු හෙළිවේ
![අන්තර්ජාලය වෙත නිකුත් වූ වීඩියෝවකින් Google Pixel 6 Pro දුරකථනයේ හැඩය යැයි සැලකෙන තොරතුරු හෙළිවේ](/content/images/size/w1200/2021/09/First-Pixel-6-Pro-Hands-on-Video-Shows-off-the-Device-s-Glossy-Back--Huge-Camera-Strip.jpg)
Google Pixel 6 Series එක ගැන මෙන්ම මේ Pixel Series එක නිකුත් වන දින ගැනත් අපි ඔයාලට මීට පෙර තොරතුරු ගෙන එනු ලැබුවා. මේ වන විට Pixel 6 මාදිලිය පිළිබඳව ලොව පුරා බෙහෙවින් කතාබහට ලක්ව ඇති අතර එහි හැඩය එම කතා බහවල අතරින් විශාල ඉඩකඩක් ලබා ගන්නවා. මේ අතරතුරේදී M. Brandon Lee නම් අයෙකු විසින් Twitter වෙත Google Pixel 6 Series එකේ Pixel 6 Pro Device එකේ Video Clip එකක් එක් කර තිබෙනවා.
I think this may be the first hands on video leak of a Google Pixel 6 Pro.
— M. Brandon Lee | THIS IS TECH TODAY (@thisistechtoday) September 21, 2021
FYI: The logo would indicate that this is likely an early production test unit, so that means there may be some differences between what you see here and the actual production device. #teampixel pic.twitter.com/4QSvdktqA7
ඒ අනුව මේ Google Pixel 6 Pro Device එකේ Display එක Curve Edges සහිත බව දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත්, මොහු විසින් නිකුත් කරන ලද මේ Video Clip එකේ පවතින Pixel 6 Pro Device එකේ නම් Google Logo එක දකින්න ලැබෙන්නේ නැ.
ඒ වගේම Brandon Lee විසින් නිකුත් කරන ලද මේ Video Clip එකට අනුව මීට පෙර Pixel 6 Series එකේ Camera Setup එක පිළිබඳ නිකුත් වු තොරතුරුවලට වඩා මදක් වෙනස් බව දකින්න පුළුවන්. කෙසේ නමුත් මේ video Clip එකේ ආකාරයට මෙය Samsung Note 8 හා Note 9 Devicesවල Camera Setup එකට සමාන බව කියන්න පුළුවන්.
මේ Video Clip එක මගින් Google Pixel 6 Device එකේ Appearance එක පිළිබඳව පෙන්නුම් කළත්, මෙහි කිසිදු ප්‍රධාන ලක්ෂණයක් හෝ Feature එකක් පිළිබඳ කිසිදු සදහනක් වෙන්නේ නැ.
Google සමාගමේ මේ නවතම Pixel 6 Series එක ඔක්තෝබර් මස 28 වන දින එළිදැක්වීමට නියමිත බවට මේ වෙන තොරතුරු වාර්තා වෙන අතරම මේ Pixel 6 Series එක එළිදැක්වූ සැනින් ඒ තොරතුරුත් ඔබ වෙත ගෙන එන්න අපි සුදානම්.
Source - Beebom