Apple සමාගමේ M1 Chip එක සහිත MacBook උපාංග සඳහා නිර්මාණය කෙරූ පළමු Malware සොයා ගැනේ

Apple සමාගමේ M1 Chip එක සහිත MacBook උපාංග සඳහා නිර්මාණය කෙරූ පළමු Malware සොයා ගැනේ

Microsoft සමාගමේ windows මෙහෙයුම් පද්ධතියට සාපේක්ෂව Apple සමාගමේ MacOS මෙහෙයුම් පද්ධතිය ආරක්ෂිත යැයි බොහෝ දෙනෙකු අතර තර්කයට ලක්වන කරුණකී. එය බොහෝ දුරට සත්‍යයක් වුවද, පසුගිය වසර කිහිපය තුළ Mac OS මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කොට නිර්මාණය වූ අනිෂ්ට මෘදුකාංග වල අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබීම කනස්සල්ලට හේතුවක් වී තිබේ.

පසුගිය දිනක නව අනිෂ්ට මෘදුකාංගයක් සොයාගෙන ඇති අතර, එය Apple සමාගමේ නව M1 ප්‍රොසෙසරය ඉලක්ක කරගෙන නිර්මාණය කරන ලද්දක් බව පැවසේ. “GoSearch22” ලෙස හැදින්වෙන මෙය "Adware" ගණයට අයිති වන අනිෂ්ට මෘදුකාංගයකි. මෙම අනිෂ්ට මෘදුකාංගය මුලින්ම නිර්මාණය කර ඇත්තේ Intel x86 chipset එක සහිත පරිගණක තුල ක්‍රියාකරවීමට බව පැවසේ.

Safari වෙබ් බ්‍රව්සරයට අදාල browser extension එකක් ආකාරයාට මතුපිටින් ක්‍රියාත්මක වී හොර රහසේම පරිශීලක දත්ත එක්රැස් කර ඒවාට අදාල දැන්වීම් පරිශීලක අතුරුමුහුණත තුළ ස්වයංක්‍රීයව ජනනය කරවිම සදහා මෙම අනිෂ්ට මෘදුකාංගය නිර්මාණය කර ඇත.

Mac සම්බන්දව security researcher වරයෙකු ලෙස කටයුතු කරන Patrick Wardle මහතා පවසන්නේ මෙම අනිෂ්ට මෘදුකාංගය තවමත් මුල් අවධියේ පවතින නිසා මෙය හදුනාගැනීමට භාවිතා කරන signatures තවමත් බොහෝ දුරට නිරීක්ෂණය කර නොමැති නිසා ප්‍රති-වයිරස ස්කෑනරයක් ආරක්ෂක මෙවලමක් ලෙස භාවිතා කිරීම අර්ථ විරහිත බවයි.

මෙම අනිෂ්ට මෘදුකාංගයේ හැකියාවන් මුළුමනින්ම අළුත් හෝ භයානක නොවුනත් මෙමගින් ඇගවෙන්නේ මෙය ආරම්භයක් පමණක් වන බවත් අනාගතයේ දී මෙහි තවත් ප්‍රභේදයන් වර්ධනය වීමට ඉඩ ඇති බවත්ය.

Source: thehackernews, XDA

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna