Strasbourg OVH Datacenter එක ගිනි ගනී - පරිගණක ක්‍රීඩා සහ වෙබ් අඩවි කිහිපයක දත්ත restore කල නොහැකි ආකාරයට විනාශ වී යයි

Strasbourg OVH Datacenter එක ගිනි ගනී - පරිගණක ක්‍රීඩා සහ වෙබ් අඩවි කිහිපයක දත්ත restore කල නොහැකි ආකාරයට විනාශ වී යයි

පසුගිය දිනයේදි (10/03/2021) ස්ට්‍රාස්බර්ග් (Strasbourg) හි පිහිටි OVH Datacenter හි විශාල ගිනි ගැනිමක් ඇති වි තිබුණා. මේ ගිනි ගැනිමෙන් OVH Data Center එකේ එක් ගොඩනැගිල්ලක් මුලිමනින්ම විනාශ වි ගොස් තිබුණා.

Data Center එකේ පැතිරුණු ගින්න නිවා දැමිමට ගිනි නිවන බටයින් 100කට අධික සංඛ්‍යාව සම්බන්ධ වු අතර මුලු ප්‍රදේශයේම විදුලි බලය විසන්ධි කිරිමත් මේ ගිනි ගැනිම නිසා සිදු කර තිබුණා. කෙසේ වෙතත් මේ ගිනි ගැනිමේ ප්‍රතිඵලයක් ලෙස ජනප්‍රිය Survival Game එකක් වෙන Rust Game එකේ  දත්ත නැවත ලබා ගත නොහැකි අයුරින් විනාශ වි ඇති බව වාර්තා වෙනවා.

OVH Cloud Server සමාගමේ Boss වෙන Octave Klabaට අනුව මේ ගිනි ගැනිම නිසා SBG2 මුලුමනින්ම විනාශ වි තිබෙන අතරම SBG1 හිද විශාල කොටසක් විනාශ වි තිබෙනවා.

Facepunch Studios එක මේ වන විට තහවුරු කර තිබෙන්නේ OVH Datacenter එකේ ගිනි ගැනිම නිසා EU Servers 25කට පමණ සෘජු බලපැම් එල්ල වි පවතින බවයි. ඒ අනුව එම Servers 25ම පැවති සියලු ක්‍රිඩා දත්ත අහිමි වි තිබෙනවා. ⁣මෙලෙස අහිමි වු දත්ත නැවත ප්‍රතිස්ථාපනය කිරිමේ හැකියාවන් පිළිබදවත් ඔවුන් මේ වන විට අධ්‍යයනය කරමින් සිටිනවා.

Rust Game එකේ Servers වල දත්ත අහිමි විමට අමතරව යුරෝපය තුල ජනප්‍රිය වෙබ් අඩවි වෙන WP Rocket, Piwigo හා Imagify වැනි වෙබ් අඩවි දහස් ගණනක් මේ ගිනි ගැනිම නිසා බිද වැටිමට ලක් වුණා. මිට අමතරව Euro Truck Simulator 2හ TruckersMP mod එකෙත් යුරෝපයේ Servers සියල්ල අඩු ධාරිතාවකින් ක්‍රියාත්මක වෙන බවත් වාර්තා වෙනවා.

Strasbourg, OVH Datacenterහි හටගත් හින්න නිවා දැමීමට කටයුතු කරන ගිනි නිවන භටයන්

PS4 හා Xbox One සදහා වු Rust Console Edition එක ඉදිරියේදි නිකුත් කිරිමට නියමිත තිබුණ අතර එහි කොටසක් Double Eleven studio එක මගින් develop කිරිමට නියමිතව පැවතෙනවා. කෙසේ වෙතත් මේ ගිනි ගැනිම Rust Console Edition එකේ නිකුත් කිරිමට කුමන අයුරකින් බලපානු ඇතැයිද තවමත් ප්‍රකාශ කර නැ.

මේ ගිනි ගැනිම නිසා OVH Datacenter එකට විශාල හානියක් සිදු වි තිබුණ ද එහි සේවකයින් සියලු දෙනාම ආරක්ෂිතව ඉවත් විමට කටයුතු කර තිබුණා. තවමත් මේ ගිනි ගැනිමට නිශ්චිත හේතුවක් තවමත් සොයාගැනීමට නොහැකි වි තිබෙනවා.

Source: The Gamer

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara