Chrome Web Browser එකේ Incognito mode එක සඳහා Fingerprint Unlock එක ලබා ​දේ

Chrome Web Browser එකේ Incognito mode එක සඳහා Fingerprint Unlock එක ලබා ​දේ

Incognito Tab කියන්නේ Web Browsing වලදී ඉතාමත් වැදගත් Feature එකක් බව ඔබ දන්නා බව නිසකයි. මේ ඔස්සේ වෙනත් පුද්ගලයන්ට ඔබගේ සෙවුම් හා සෙවුම් ඉතිහාසය පරික්ෂා කිරිමේ හැකියාව අහිමි වි යනවා. ලොව පුරා වැඩිම ජනප්‍රියතම මෙන්ම වැඩියෙන්ම භාවිත වන Android Web Browser වන මෙම Chrome Web Browser එකේ Incognito Mode එක සදහා Fingerprint Unlock පහසුකම ලබා දිමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ නව Feature එක ඔස්සේ Incognito Tab එකකින් Web Browsing කිරිමේදි Chrome App එකෙන් ඉවත් වි යන අවස්ථාවකදී හෝ වෙනත් App එකකට පිවිස යළි Chrome App එක වෙත පිවිසිමේදී Incognito Tab එක Open කර ගැනිම සදහා Fingerprint එක අවශ්‍ය වනවා. මේ ඔස්සේ වෙනත් පුද්ගලයකුට අප Incognito Tab එක Close නොකළද ඒ සදහා Chrome Web Browser එක Open කළ විට පිවිසිමේ හැකියාව අවහිර වනවා.

මේ Feature එක Chrome Web Browser එකේ Settings වලට පිවිසි Privacy & Security මගින් සක්‍රීය කර ගත හැකි වනවා. මේ සදහා Fingerprint සහ PIN එකක් ද Add කළ හැකි වනවා.

කෙසේ වෙතත් මේ Feature එක 2021 වස⁣රේදී පමණ iOS Chrome Web Browser එක සදහා ලබා දී තිබෙන අතරම Android OS එක සදහා ලබා දීම ආරම්භ කර තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ මේ Feature එක සෑම Chrome User කෙනෙක්ටම ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.‍

Sources: www.theverge.com 9to5google.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara