2022 අයවැයෙන් සියළුම පාසල් සඳහා අධිවේගී Fiber Optic අන්තර්ජාල පහසුකම් ලබා දීමට යෝජනා කෙරේ

2022 අයවැයෙන් සියළුම පාසල් සඳහා අධිවේගී Fiber Optic අන්තර්ජාල පහසුකම් ලබා දීමට යෝජනා කෙරේ

පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවති 2022 වසර සදහා වෙන අයවැය කතාව සිදු කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර සිටියේ මුළු රටම ආවරණය වන පරිදි විදුලි සංදේශ ආවරණ ජාලයක් කඩිනමින් ස්ථාපිත කර, දිවයිනේ සියළු​ම පාසල් සඳහා Fiber Optic Internet පහසුකම් ලබා දිමට අවශ්‍ය මුල්‍ය පහසුකම් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සදහා ලබා දෙන බවයි.

"ජංගම දුරකථන හා අන්තර්ජාල සංඥා පහසුකම් වල පවතින අඩුපාඩු ඉතා බරපතල බව කොවිඩ් වසංගත සමයේ දී ප්‍රායෝගිකව පෙනුණා. මුළු රටම ආවරණය වන පරිදි විදුලි සංදේශ ආවරණ ජාලයක් කඩිනමින් ස්ථාපිත කර, දිවයිනේ සියලුම පාසල් එනම්, දස දහස් එකසිය පනස් පහ (10,155) සඳහාම, ප්‍රකාශන තත්තු (Fiber Optic) තාක්ෂණය භාවිතා කරමින් අධිවේගී අන්තර්ජාල (Broadband) සම්බන්ධතාවය ලබා දීමට විදුලි සංදේශ නියාමන කොමිසමට අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික පහසුකම් සම්පාදනය කිරීම යෝජනා කරනවා." - බැසිල් රාජපක්ෂ (මුදල් අමාත්‍ය) -

එමෙන්ම මේ වෙන විට ලංකාවේ බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන " ගමට සන්නිවේදනය " වැඩසටහන ජාතික ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට සිදු කර ගෙන යාම සදහා කැබිනට් අනුමැතියත් පසුගිය දිනක ලැබි තිබුණා.

ඒ අනුව මෙතෙක් රත්නපුර, කුරුණෑගල හා මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වු මෙම ව්‍යාපෘතිය ඉදිරියේ දි ජාතික ව්‍යාපෘතියක් ලෙස දිස්ත්‍රික්ක 25 තුළ ග්‍රාම සේවක වසම් 14000 ක් ආවරණය වන පරිදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ක්‍රියාත්මක කරනු ඇත.

Source: News First, Ada Derana

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara