Cryptocurrency හර​හා ගෙවීම් කිරී​මේ අවස්ථාව ලබා දීමට Ferrari සමාගම කටයුතු කරයි

Cryptocurrency හර​හා ගෙවීම් කිරී​මේ අවස්ථාව ලබා දීමට Ferrari සමාගම කටයුතු කරයි

ලොව ප්‍රමුඛ පෙළේ Sports Car නිශ්පාදකයෙකු වන Ferrari සමාගම ඇමෙරිකාව තුළ සිය මෝටර් රථ මිලදී ගැනීම සඳහා Cryptocurrency ගෙවීම් සිදුකිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මේ පිළිබඳව Reuters වෙත අදහස් දක්වන ලද එම සමාගමේ ප්‍රධාන අලෙවිකරණ සහ වාණිජ නිලධාරී Enrico Galliera සඳහන් කරනු ලබන්නේ මෙම තීරණය ලබාගැනීම සඳහා සිය පාරිභෝගිකයන්ගේ වැඩි ඉල්ලීමක් තිබීම මෙයට ආසන්නතම හේතුව බවයි.

Ferrari CEO Benedetto Vigna unveils the company's new long term strategy, in Maranello
Source: reuters.com

මේ වන විට බොහෝ ප්‍රධාන පෙළේ සමාගම් සිය මුදල් ගෙවීමේ ක්‍රම අතරින් Crypto ආශ්‍රිත ගෙවීම් වලින් ඉවත්වයන පසුබිමක Ferrari සමාගම මෙවැනි තීරණයක් ලබාගැනීම සම්බන්ධයෙන් විචාරකයන් විවිධ මත පළකර ඇත. කෙසේ නමුත් මූලාශ්‍ර වලට අනුව මෙම ක්‍රියාවලිය සඳහා Ferrari සමාගම BitPay සමග එක්වී කටයුතු කරන බව සඳහන් වී තිබේ.

මෙලෙස ලබාගත් තීරණය සමග Ferrari සමාගම විකිණීමට බලාපොරොත්තු වන මෝරට රථ පිළිබඳව වැදිදුර තොරතුරු සඳහන් කළ නොමැති නමුත් 2025 වන තෙක් සිය ඇණවුම් සියල්ලම පාහේ සම්පූර්ණ වී ඇති බව සඳහන් කර ඇත. එසේම මෙම Crypto ආශ්‍රිත ගෙවීමේ ක්‍රමය 2024 වසරේ පළමු කාර්තුව පමණ වන විට යුරෝපය තුළ ආරම්භ කිරීමට අදහස් කර ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබයි.

එසේම මෙහි විශේෂත්වය වන්නේ Crypto භාවිතයෙන් ගෙවීම් සිදුකිරීමේ දී කිසිඳු ආකාරයක අමතර ගෙවීමක් සිදුකිරීමට අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කිරීමයි. එසේම Crypto වල සිදුවන මිල වෙනස්වීමෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා පාරිභෝගික මිලදී ගැනීම් වල දී BitPay මගින් Cryptocurrency, Fiat බවට පරිවර්තනය කිරීමක් සිදුකරන බව සඳහන් වේ. එසේම BitPay මගින් මෙම ගෙවීම් සිදුකරන මුදල් වල නීත්‍යානුකූලභාවය පිළිබඳව තහවුරු කරන බවද සඳහන් කර ඇත.

මේ හා සමානව මෑත ඉතිහාසයේ සිදුවූ සිදුවීමක් වන්නේ Elon Musk විසින් සිය Tesla මෝටර් රථ සඳහා සිදුකරන ගෙවීම් සඳහා Cryptocurrency භාවිතා කිරීම 2021 වසරේ දී අවස්ථාව ලබා දීමයි. කෙසේ නමුත් පසුකාලීනව විවිධ හේතුන් නිසාවෙන් මෙම ගෙවීම් සිදුකිරීම අත්හිටුවන ලදී.

Source: www.binance.com www.reuters.com www.cnbc.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara