WhatsAppහි Lock කරන ලද Chats Hide කළ හැකි පහසුකමක් නුදුරේදීම

පරිශීලකයන් රැසකට WhatsApp Chat Lockහි තිබූ ගැලටලුවක් වූයේ එසේ Lock කරන ලද Chats, Chat List එකෙහි ඉහළින් වෙනම කොටසක් ලෙස දිස්වීමයි. මෙයට විසඳුමක් වශයෙන් Meta සමාගම මෙම Lock කරන ලද Chats Hide කිරීමට සඳහා නව විශේෂාංගයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

WhatsAppහි Lock කරන ලද Chats Hide කළ හැකි පහසුකමක් නුදුරේදීම

ලොව ප්‍රමුඛතම Instant Messaging සේවාවක් වන WhatsApp වෙත බොහෝ කාලයට සිට නවතම විශේෂාංග රැසක් Meta සමාගම විසින් හඳුන්වාදෙනු ලබනවා. Android වැඩකාරයෝ අපත් සමඟම බොහෝ කාලයක සිට ඔබ රැඳී සිටි පාඨකයෙක් නම් එසේ හඳුන්වාදෙන ලද නව විශේෂාංග නිකුත් වීමටත් පෙරදීම අප ඔබ වෙත ගෙන ආවා ඔබට මතක ඇති.


WhatsApp වෙත මෑතකදී හඳුන්වාදුන් Chat Lock පහසුකම බොහෝ දෙනෙකුට ඉතා වැදගත් පහසුකමක් ලෙස දක්වන්නට පුළුවන්. කෙසේ නමුත් පරිශීලකයන් රැසකට මෙහි තිබූ ගැලටලුවක් වූයේ එසේ Lock කරන ලද Chats, Chat List එකෙහි ඉහළින් වෙනම කොටසක් ලෙස දිස්වීමයි.

මෙයට විසඳුමක් වශයෙන් Meta සමාගම මෙම Lock කරන ලද Chats Hide කිරීමට සඳහා නව විශේෂාංගයක් හඳුන්වාදීමට සූදානම් වනවා.

ඉහත Screenshot එකෙහි පරිදි Chat Settings වෙත ගොස් ඔබ Hide Locked Chats Toggle එක On කළ විට ඊට පහළින් ඇති කොටසේ ඔබට Secret Code එකක් ඇතුලත් කිරීමට හැකිවනවා.

මෙම Secret Code එක ඇතුළත් කිරීමෙන් පසු නැවත ඔබ WhatsApp Chat List එකට ගිය විට Locked Chats ලෙස දිස්වූ කොටස දක්නවට නොලැබෙනවා. මෙම Chats වෙත පිවිසීමට ඔබ කළ යුත්තේ ඔබ විසින් ලබා දුන් Secret Code එක Search Bar එක තුල ඇතුළත් කිරීමයි.

මෙම පහසුකම තවමත් සංවර්ධන මට්ටමේ පවතින අතරේ ඉදිරියේදී Beta පරිශීලකය​න් වෙත නිකුත් කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍ය පරිශීලකයන් වෙත නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකියි.

Source: wabetainfo.com

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna