Beijing 2022 Olympics උළෙල සඳහා තම පෞද්ගලික ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින ලෙස FBI විසින් ඇමරිකානු ක්‍රීඩකයන්ට දැනුම් ​දේ

Beijing 2022 Olympics උළෙල සඳහා තම පෞද්ගලික ජංගම දුරකතන රැගෙන යාමෙන් වළකින ලෙස FBI විසින් ඇමරිකානු ක්‍රීඩකයන්ට දැනුම් ​දේ

අද සිට චීනයේ බීජිං නුවරදී ඇරඹෙන Winter Olympics උළෙල සදහා සහභාගි වෙන ඇමරිකා එක්සත් ජනපද ක්‍රිඩකයින්ට මෙම තරගාවලිය සදහා තමන්ගේ පෞද්ගලික දුරකථන රැගෙන නොයන ලෙස FBI විසින් පසුගිය දිනක අනතුරු අගවා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇති ආකාරයට Winter Olympics උළෙල අතරතුරදී ක්‍රිඩකයින්⁣ගේ දුරකථන විවිධ ආකාරයේ Ransomware, Malware, Social engineering, Data theft or Leaks, Phishing campaigns, Disinformation campaigns සහ Insider threats ආදියට ලක් විමට ඉඩ තිබෙනවා. එබැවින් ඔවුන් විසින් තම ක්‍රිඩකයින්⁣ට උපදෙස් ලබා දී තිබෙන්නේ මෙම ක්‍රිඩා උළෙලට සහභාගි විමේදි තම පෞද්ගලික දුරකථනය වෙනුවට වෙනත් දුරකථනයක් භාවිත කරන ලෙසයි.

කෙසේ වෙතත් මෙලෙස FBI එක විසින් කරන ලද අනතුරු ඇගවිම නිකුත් වි තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය විසින් මේ Winter Olympics උළෙල සදහා තම කිසිදු නිලධාරීයෙකු සහභාගි නොවන බව තහවුරු කිරිමෙන් අනතුරුවයි.

Sources: CNN, Cnet

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna