Heart rate monitor එකක් සහ කැමරා දෙකකින් යුක්ත smartwatch එකක් නිකුත් කිරීමට Facebook සූදානම් වේ

Heart rate monitor එකක් සහ කැමරා දෙකකින් යුක්ත smartwatch එකක් නිකුත් කිරීමට Facebook සූදානම් වේ

පසුගිය පෙබරවාරි මාසයේදි පමණ Facebook සමාගම විසින් ඔවුන්ගේම Smart Watch එකක් එළිදැක්වීමට සුදානම් වෙන බවට අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. ඒ අනුව මේ වෙන විට මේ Smart Watch එක පිළිබඳව තවත් තොරතුරු අන්තර්ජාල තුල පළවෙමින් තිබෙනවා.

ඒ අනුව මේ Facebook Smart Watch එක ගලවා ඉවත් කල හැකි Display එකකින් යුතු වෙන අතර Dual Camera Setup එකකින් ද සමන්විත වෙනවා. මිට අමතරව Heart Rate Monitor ආදි Sensors විශාල ප්‍රමාණයකින් සමන්විත වෙනු ඇත.

විශේෂාංග

මෙම Detachable Display එක මගින් Photos Capture කිරමට හා Video Record කිරිමේ හැකියාව ලැබෙන අතර ඒ Photos හා Video යම් යම් Apps සමග Share කිරිමේ හැකියාවත් හිමි වෙනු ඇත. මේ නව Facebook Smart Watch එක මොවුන් නිකුත් කිරිමට බලාපොරොත්තු වෙන්නේ Photo Capture කිරිම, Video Record කිරිම වගේ Smartphone එකක් මගින් සිදු කල හැකි අත්‍යාවශ්‍යම Features මේ වෙත ලබා දිමයි.

දැනට තිබෙන තොරතුරුවලට අනුව බොහෝ විට මේ Facebook Smart Watch එක ක්‍රියාත්මක විමට Smartphone එකක් අත්‍යාවශ්‍යම නොවනු ඇත.

කෙසේ වෙතත් මේ Smart Watch එකේ Privacy පිළිබඳව නම් Facebook සමාගම විසින් අතිශය සැලකිලිමත් විය යුතු වෙනවා. ඒ මේ Smart Watch එක මගින් එය භාවිතා කරන්නාගේ දෛනික ක්‍රියාකාරකම්වලට අදාල දත්ත රාශියක් ලබා එක් රැස් කරගන්නා නිසයි. Facebook සමාගම මීට පෙර තම පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා දත්ත අවභාවිතයේ යෙදවූ අවස්ථා ගැන අප විසින් ඔබව වෙත දැනුවත් කර තිබෙනවා.

කෙසේ නමුත් Facebook සමාගම විසින් තවමත් නිල වශයෙන් මේ පිළිබඳව තොරතුරු නිකුත් කර නොමැති අතර 2022 ජුලි පමණ වෙන විට ඔවුන් විසින් මේ පිළිබඳව නිල වශයෙන් නිකුත් කිරිමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Sources: The Verge, Gizmochina

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara