හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Facebook හා Instagram ගිණුම් වසර දෙකකට තහනම් කරයි

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Facebook හා Instagram ගිණුම් වසර දෙකකට තහනම් කරයි

Facebook ආයතනය පැවසූවේ හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් තම Facebook හා Instagram ගිණුම් හරහා Facebook සමාගමේ community guidelines වලට පටහැනි අයුරින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ වෛරී ප්‍රකාශයන් නිකුත් කිරීම සිදුකර ඇති බැවින් ඒ අනුව නීති වලට ගරුකරමින් ගිණුම තාවකාලිකව අත්හිටවූ බවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමට Facebook සහ Instagram ගිණුම් යොදාගැනීම Facebook Violence ගණයේ දැඩි නීති උල්ලංඝනයක් බවයි Facebook ආයතනය සඳහන් කරන්නේ.

Image: Bloomberg

කෙසේ නමුත්, හිටපු ජනාධිපති ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත්තේ මෙය තමන්ට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබාදුන් සියලුම ජනතාවට අතිශය අපහාසයක් බවයි.

කෙසේ නමුදු Facebook ආයතනය තවදුරටත් සඳහන් කරනනේ Facebook ආයතනයේ නීතිවලට විරුද්ධ වන ඕනෑම පරිශීලකයෙකු පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත්ම පසුබට නොවන බවයි.

ගෝලීය වශයෙන් මෙය අන්තර්ජාතික ප්‍රවෘත්තියක් වන අතර මේ පිළිබඳව අවධානය යොමුකර Facebook ආයතනයේ Community guidelines වලට එකඟව සමාජ මාධ්‍ය භාවිතය තුලින් ඔබේ ගිණුමේ දිගුකාලීන පැවැතම තහවුරු කරගත හැකි අතර ඒ පිළිබඳව දැනුවත් වීම වටින බව Android වැඩකාරයෝ මතක් කර සිටී.

Source: BBC

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara