කළු පාට හැරුණු Facebook icon එක දුටුවාද?

කළු පාට හැරුණු Facebook icon එක දුටුවාද?

පසුගිය සතියේ සමහර iPhone සහ iPad පරිශිලකයින් විසින් වර්ණ වෙනසකට ලක් වු Facebook App Icon එකක් තම iPhone එකේ පවතින බවට සමාජ මාධ්‍යන්හී සටහන් කර තිබුණ බව සමහර විට ඔබ දන්නවා ඇති.

සුපුරුදු නිල් සහ සුදු Facebook App Icon එක, කලු සහ නිල් පැහැයන්ගෙන් යුතුව සමහර iPhone සහ iPad පරිශිලකයින්ට දිස් වී තිබෙනවා. සමහරුන් විසින් මේ නිසා Facebook සමාගම යම් Hack වීමකට ලක් වී ඇතැයි සදහන් කළ අතර පසුගිය සිකුරාදා ඔවුන් විසින් නිල වශයෙන් සඳහන් කර සිටියේ එය යම් තාක්ෂණික දෝෂයක් නිසා පමණක් සිදු වුවක් බවයි.

Image - Reddit (Auzzie1077)

ඒ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් Meta සමාගමේ Communication Manager වන Dave Arnold විසින් ප්‍රකාශ කර තිබෙන්නේ එය යම් තාක්ෂණික දෝෂයක් නිසා සිදු වුවක් වන අතර ඔවුන් ඉතා ඉක්මනින්ම එය නිවරදි කළ බවයි. එමෙන්ම නව Update එකක් Facebook App එක සඳහා නිකුත් කළ අතර ඒ ඔස්සේ මෙම දෝෂය නිවරදි වී තිබෙනවා.

මෙම තාක්ෂණික දෝශයට හේතුව වන්නට ඇත්තේ iOS 18 සමඟින් app icon වල වර්ණයන් වෙනස් කිරීමට ඇති පහසුකම සඳහා වන සහය ලබාදීමට යාමේදී විය හැකි බව අපගේ අදහසයි. කෙසේ වෙතත් මෙය Facebook app icon එක සඳහා පමණක් නොව, Meta Inc වෙතින් නිර්මාණය කරන අනෙකුත් apps සඳහාද බලපා ඇති බව අප විසින් නිරීක්ෂණය කරන ලද්දේ අප සතුව ඇති iPhone වල එලෙසින් සටහන් වූ බැවිනි.

Source: 9to5mac.com bgr.com

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara