Facebook සමාගම rebranding කිරීමට සූදානම් වේ; බොහෝ දුරට නම වෙනස් විය හැකියි වාර්තා සැල කර​යි

Facebook සමාගම rebranding කිරීමට සූදානම් වේ; බොහෝ දුරට නම වෙනස් විය හැකියි වාර්තා සැල කර​යි

Facebook මේ වන විට ලොව ඇ​ති විශාලතම සමාජ මාධ්‍ය වේදිකාව වන අතර Instagram සහ WhatsApp, Messenger වැනි වෙනත් සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකාවන් අත්පත් කර ගැනීමෙන් සමාගම තව තවත් වර්ධනය වී ඇත.

කලින් Google සමාගම සිදු කල ආකාරයටම Facebook සමාගමද සිය සියළු සේවා එකාබද්ධ කර මව් සමාගමක් ලෙසින් සිය නාමය වෙනස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය විසින් වාර්ථා කර තිබෙනවා.

මේ පිළිබඳ එළඹෙන ඔක්තෝබර් 28 දින පැවැත්වීමට නියමිත වාර්ෂික සම්බන්ධක සමුළුවේදී Facebook සමාගමේ නිර්මාතෘ Mark Zuckerberg විසින් නිල වශයෙන් දැනුම් දීමට නියමිත බව දැනට වාර්තා වනවා. කොහොම නමුත් මේ සම්බන්ධයෙන් Facebook සමාගම තවමත් නිළ ප්‍රකාශයක් තවමත් නිකුත් කර නැත.

Mark Zukerbergගෙ අදහස් අනුව පැහැදිලි වන්නේ ඊළඟ පරම්පරාවේ තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා තම සියළු ආයතන ඒකබද්​ධ කරගෙන අඩිතාලමක් දමමින් සිටින බවයි.‌‌

මීට අමතරව Facebook සමාගමේ AR හා VR තාක්ෂණය හා සම්බන්ධ ප්‍රධානී ලෙස Andrew Bosworth නම් කරන බවත් මේවන විට වාර්තා වි ඇත. එමෙන්ම යුරෝපයෙන් සේවකයින් 10,000 ක් බඳවා ගැනීමට සැලසුම් කරන බව Facebook සමාගම දින කිහිපයකට පෙර නිවේදනය කර ඇත.

Source: Beebom

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna