COVID-19 සම්බන්ධ තොරතුරු share කිරීමේදී පරිශීලකයාට එය දැනුම්දීමට Facebook විසින් නව අංගයක් එකතු කරයි

COVID-19 සම්බන්ධ තොරතුරු share කිරීමේදී පරිශීලකයාට එය දැනුම්දීමට Facebook විසින් නව අංගයක් එකතු කරයි

Facebook එක මෑතකදී එයාලගේ platform එකේ කොරෝනා වෛරස් එක ආශ්‍රිත වැරදි තොරතුරු සීමා කිරීමට අලුත් features එකතු කරමින් ඉන්නවා. ව්‍යාජ කොරෝනා වෛරස් එක ආශ්‍රිත news සමඟ සම්බන්ධ වන usersලට අප්‍රේල් මාසයේදී Facebook සමාගම අනතුරු ඇඟවීම ආරම්භ කළ අතර දැන් ඔයා Facebook තුල කොරෝනා වෛරස් එක සම්බන්ද articles share කරන්න කලින් background information සපයන නව අනතුරු ඇඟවීමේ warning banner එකක් එක් කරලා තියෙනවා.

“We’re starting to roll out a global notification screen to give people more context about COVID-19 related links when they are about to share them. The notification will help people understand the recency and source of the content before they share it - Facebook Blog”

ඒ banner එකේ විස්තර වලට article එකේ original source එක, article එකේ domain එක register කරපු මාසය සහ article එක මුලින්ම share කරපු වේලාවද ඇතුළත් වෙනවා.  අනතුරු ඇඟවීමේදී, විශ්වාසදායක තොරතුරු ලබා දීමට Facebook user ලාව එයාලගෙ COVID-19 information center එකට සම්බන්ධ කරනවා. මේ ආකාරයෙන්, Facebook සමාගම බලාපොරොත්තු වෙන්නේ ගෝලීය සෞඛ්‍ය බලධාරීන් විසින් සපයන තොරතුරු සමඟ users ලාව සම්බන්ධ කිරීමයි.

ජුනි මාසයේදී Facebook සමාගම දින 90 කට වඩා පරණ articles සඳහා notification screen එකක් add කරන්න පටන් ගත්තා.  මෙම addition එකත් සමඟ, userලට වසර ගණනාවක් තිස්සේ Facebook platform එකේ circulate වෙන articles share කරනවද යන්න පහසුවෙන් දැනගන්නට පුළුවන්.

රජයේ සෞඛ්‍ය බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි පිළිගත් ගෝලීය සෞඛ්‍ය සංවිධාන විසින් පළ කරන contents පිළිබඳව Facebook එක විසින් මේ අලුත් warning banner එක add නොකරන බව කියලා තියෙනවා. Facebook සමාගම කියන්නේ මේ පියවර විශ්වසනීය සෞඛ්‍ය බලධාරීන්ගේ තොරතුරු මන්දගාමී වීම වළක්වාලීමට සිදුකරපු දෙයක් බවයි.

Source: Facebook Blog

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara