Facebook Messenger සඳහා Bill Splitting නම් නව පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Facebook Messenger සඳහා Bill Splitting නම් නව පහසුකමක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Meta සමාගමට (පෙර Facebook) අයත් Messenger App එකට Split Payments නමින් නව විශේෂාංගයක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ පහසුකම මඟින් ඔබට ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ පහසුවෙන් මුදල් හුවමාරු කර ගැනීමට මෙන්ම ආපනශාලා බිල්පතක් හෝ නිවාස කුලිය වුවත් පුද්ගලයන් අතර බෙදා ගෙන ගෙවීමට ඉඩ සලසයි.

මෙමඟින් බිල් පත බෙදා ගැනීමට අදාළ Group Chat එකෙහි හෝ Messenger හි ඇති Payments Hub එකෙහි ඇති Get Started වෙත ගොස් අදාළ Group එක තෝරා එය යවන්නාට හැර අනෙකුත් Group එකෙහි සාමාජිකයන් හට එම බිල් පතට තමන් දායක වන මුදල් ප්‍රමාණය ඇතුළත් කළ හැකිය.

ඊට පසු ඔබගේ Facebook Pay විස්තර ලබා දීමෙන් අනතුරුව මේ Request එක Automatically ම අදාළ Group එකට Send වෙනවා. මේ Request එක Group එකෙහි සිටින සියලු සාමාජිකයන්ට දැකිය හැකි වනවා.

මේ පහසුකම Meta සමාගම විසින් ලබන සතියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පරීක්ෂා කිරීමට නියමිතව ඇති අතර, මෙය අනෙකුත් රටවල් සඳහා ලබා දෙන දින වකවානු පිළිබඳ තවමත් නිශ්චිත තොරතුරු ලැබී නැහැ.

Source: GSM Arena

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna