WhatsApp වල message forwarding සීමා කිරීම Messenger සඳහාද හඳුන්වාදීමට Facebook ආයතනය කටයුතු කරයි

WhatsApp වල message forwarding සීමා කිරීම Messenger සඳහාද හඳුන්වාදීමට Facebook ආයතනය කටයුතු කරයි

Facebook සමාගම විසින් Messengerහි messages forwarding පහසුකම WhatsApp මෙන් සීමා කිරීමට කටයුතු යොදා ඇත. අද දින සිට Messenger මගින් වරකට පුද්ගලයන් පස්දෙනෙකුට හෝ කණ්ඩායම් පහකට දක්වා සීමා වේ. මෙයට හේතුව වශයෙන් Messenger හී රහස්‍යතාව හා ආරක්ශාව පිළිබඳ නිෂ්පාදන කළමනාකරණ අධ්‍යක්ෂක Jay Sullivan මහතා පවසා සිටියේ වැරදි තොරතුරු පැතිරවීමට එරෙහිව සටන් කිරීමට සහ ජනතාවට වඩාත් ආරක්ශිත සහ රහස්‍යභාවයකින් යුතු පණිවිඩ හුවමාරුවක් ලබාදීමට තම සමාගම විසින් සිදුකරන අඛණ්ඩ උත්සහයේ කොටසක් බවයි.

COVID -19 වසංගතය සමයේම එක්සත් ජනපදය ඇතුළු රටවල් කිහිපයක් මහ මැතිවරණ පැවැත්වීමට සූදානම් වන බවින් අසත්‍ය තොරතුරු පතිරවීම පාලනය කිරීමටත් මෙම පියවර ලබා ගත් බව ඔහු වැඩිදුරටත් පවසා සිටි බව Messenger නිල blog සටහනක දක්වා තිබේ.

“Limiting forwarding is an effective way to slow the spread of viral misinformation and harmful content that has the potential to cause real world harm”

තවද spamකරුවන් සහ malicious actors එරෙහිව Facebook සමාගම විසින් ගෙන ඇති පියවර කිහිපයක්ද ඉස්මතු කරමින් පෙන්වා දුන්නේ මෙම platform එක මගින් මීට පෙර ආරක්ශිත දැනුම් දීම, two-factor authentication, සහ අනවශ්‍ය පණිවිඩ block කිරීමට සහ report කිරීම වැනි අංග හදුන්වා දී ඇති බවයී. New features මගින් ආරක්ශාව වඩාත් තර වන අතරම පරිශීලකයන් online මෙන්ම offline ද වඩාත් ආරක්ශිත කිරීමට උපකාරී වන බවයි.

Source: Facebook Newsroom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara