Facebook Messenger එක downloads බිලියන 5 සීමාව පසු කල තෙවන non-Google app එක වීමට සමත් වේ

Facebook Messenger එක downloads බිලියන 5 සීමාව පසු කල තෙවන non-Google app එක වීමට සමත් වේ

Androidවල ජනප්‍රියත්වයත් සමග මේ වෙන විට Play Store එකේ පවතින Apps බොහෝමයක්ම Downloads බිලියනයක සිමාව පසු කිරිමට සමත් වි තිබෙනවා.

ඒ වගේම Downloads බිලියන 05කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කියන Apps 14ක් පවතින අතර මින් Apps 12ක් Google සමාගමට අයත් Google Apps වෙනවා. ඒවාගෙන් Google Play Services App එක මේ වෙන විට Downloads බිලියන 10 සිමාව පසු කර තිබෙනවා. Downloads බිලියන 05කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කියන Google නොවන Apps Facebook ආයතනය සතු වෙනවා. ඒ Facebook App එක හා WhatsApp App එකයි.

Downloads බිලියන 05කට වැඩි සංඛ්‍යාවකට හිමිකම් කියනු ලබන අලුත්ම Google සමාගමට අයත් නොවන App එකක් ලෙස Facebook Messenger App එක පසුගිය දිනක Downloads වාර බිලියන 5ක සිමාව පසු කරනු ලැබුවා. ඒ අනුව මේ වෙන විට Downloads වාර බිලියන 5 පසුකල මුලු Apps සංඛ්‍යාව 15ක් පමණ වෙන අතර ඉන් Google සමාගම අයත් Apps 12 පවතින අතර අනෙක් 03 Facebook සමාගමට අයත් Apps වෙනවා.

තවමත් Facebook සමාගමට අයත් Apps පිළිබඳව විවිධ Privacy Issues පැවතියත් ඒවා නොතකමින් මිනිසුන් විසින් Facebook මත මෙන්ම Facebook Messenger මගින් තම එදිනෙදා සන්නිවේදන කටයුතු කර ගැනිමට කටයුතු කරන බවට මෙය ඉතා හොද නිදසුනක් වෙනවා.

Facebook සමාගම විසින් මේ වෙන විට ඔවුන්ගේ Chat Services වැඩි දියුණු කිරිම සදහා ඔවුන්ගේ Messaging App සියල්ල සදහා Cross Platform Backend එකක් ගොඩනැගිමට සුදානමින් සිටින අතර ඉදිරියේ Whatsapp App එක මෙන් End-to-end Encrypt Feature එක ඉදිරියේ දි  Messenger සදහාත් ලබා දෙනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Source : Android Police

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna