AI තාක්ෂණය භාවිතා කරමින් Live videos සඳහා Automated Captions ලබා දීමට Facebook ආයතනය කටයුතු කරයි

AI තාක්ෂණය භාවිතා කරමින් Live videos සඳහා Automated Captions ලබා දීමට Facebook ආයතනය කටයුතු කරයි

දැන් Facebook Live හා Workplace Live Videoවලදි Automatically Caption එක දිස් වීමේ Feature එක Facebook ආයතනය විසින් ලබාදී තිබෙනවා. ඔවුන් පවසන අන්දමට ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ශ්‍රවණාබාධිත පුද්ගලයින්ටද කිසිදු ගැටලුවකින් තොරව මේ Live Video නැරඹිමේ හැකියාව ලබා දීමයි.

මෙහිදී Facebook Live හා Workplace Live Videoවලදි Automatically Caption දිස් වීම සිදු වෙනවා. දැනට මෙය English, Spanish, Portuguese, Italian, German සහ French භාෂා 06 සදහා සහය දක්වන අතර ඉදිරියේදි භාෂා 16 දක්වා සහය දක්වනු ඇත.

මේ අලුත් Feature එක AI Based Automated Speech Recognition (ASR) මත පදනම් වී ක්‍රියාකරන අතර මේ මගින් Livestreams වලදී ප්‍රකාශ වන සැම වචනයක්ම හදුනා ගැනිමට කටයුතු කරනවා. ඒ වගේම Facebook සමාගම දක්වන ලෙසට මේ සෑම වචනයක්ම හදුනා ගැනීම ඉතා අපහසු කටයුත්තක් වෙනවා. ඒ මිනිසුන් සැම විටම පැහැදිලිව කතා නොකරන අතරම, වචන අතර විරාමයක් තබන්නේ ද නැහැ. එමෙන්ම කතා කිරිමේ දි අනපේක්ෂිත පසුබිම් ශබ්ද වල වගේම විවිධාකාර වචන උච්චාරණ රටා හා විවිධ හැගීම් ප්‍රකාශයන්ද සිදු වෙනවා.

කෙසේ වෙතත් මේ Feature එකෙන් සැම විටම නිවරදි Caption එකක් බලාපොරොත්තු වීමට සමහර අවස්ථා වලදී අපහසු විය හැකි බවද Facebook සමාගම පවසනවා. නමුත් ඉදිරියේදි මේ Feature එකේ තාක්ෂණය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවක් ඔවුන් දක්වනවා.


මේ Feature එක තුලින් භාෂා ගැටලුවලටද විසදුම් ලැබෙන අතරම මෙය සෘජුව ශ්‍රවණාබාධිත පුද්ගලයින්ට උපකාරි වනු ඇත. එමෙන්ම මේ තුලින් භාෂා ගැටලුවකින් තොරව සෞඛ්‍ය තොරතුරුද ලබා ගැනිමට මහජනයාට අවස්ථාව ලැබෙනු ඇත.

Sources : Facebook

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna