Facebook Messenger iOS සඳහා Face ID සහ Touch ID Lock අත්හදා බලයි

Facebook Messenger iOS සඳහා Face ID සහ Touch ID Lock අත්හදා බලයි

Facebook විසින් iOS සඳහා ඇති Facebook Messenger app එකට FaceID සහ TouchID lock එකක් අත්හදා බලමින් සිටිනවා. ඉදිරියේදී එන updates හරහා iOS භාවිතා කරන අයට මේ feature එක භාවිතා කල හැකියි.

Facebookහි අයිතිය ඇති වෙනත් messaging platform එකක් වෙන WhatsApp සඳහා FaceID සහ TouchID හරහා ආරක්ෂණ ක්‍රියාමාර්ග ලෙස භාවිතා කිරීමේ පහසුකම ලබා දී ඇති අතර ඒ ආකාරයෙන්ම Facebook Messenger වෙතද මෙය ලබා දීම Facebook ආයතනයේ පරමාර්ථයයි.

මෙහි ඇති විශේෂම පහසුකම වන්නේ, Facebook messenger එක භාවිතා කරන විට app එක open කරන සෑම අවස්ථාවකදීම හෝ යම කාල සීමාවක් ඇතුලත open නොකරොත් එම කාලසීමාවට පසුව නැවත වතාවක් authentication එක ඉල්ලන ආකාරයට සකස් කිරීමට හැකි වීමයි. එම අදාල කාල සීමා පහත රූපයේ දැක්වේ.

Source: AppleInsider

මේ feature එක නිසා ඔබගේ ජංගම දුරකථනය unlock කර තිබුනද Facebook Messenger හරහා මැසේජ් කිරීමේ හැකියාව ඇහිරෙනු ඇත.

මෙම feature එක සම්බන්ධයෙන් Facebook සමාගම ප්‍රතිචාර දක්වා ඇත්තේ මෙසේය.

"We want to give people more choices and controls to protect their private messages, and recently, we began testing a feature that lets you unlock the Messenger app using your device's settings, It's an added layer of privacy to prevent someone else from accessing your messages."

මේ වන විට මෙම feature එක development මට්ටමේ ඇති අතර ඉදිරි මාස වලදී මේ feature එක ඇතුලත් කරන ලද update එක ඔබට ලැබේවි.

Source: AppleInsider

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara