Facebook සමාගම විසින් Smartwatch එකක් නිපදවීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

Facebook සමාගම විසින් Smartwatch එකක් නිපදවීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ

සමාජ මාධ්‍ය ලොවේ දැවැන්තයා වෙන Facebook සමාගම විසින් ඔවුන්ගේ ආධිපත්‍යය නවතම අංශයක පැතිරවිමට සුදානම් වෙන බවයි ආරංචි වෙන්නේ. මේ අනුව Facebook සමාගම විසින් ඉදිරියේදි Facebook සන්නාමය යටතේ Smart Watches නිපදවිමට සුදානම් වෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව Facebook සමාගම නිපදවිමට සුදානමින් සිටින මේ Smart Watch එක Messaging හා Fitness සදහා මුලික වශයෙන්ම මෙය නිපදවිමට සුදානම් බවයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙය Facebook Watch නමින් වෙළදපොලට නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

මේ Smart Watch එක මගින් WhatsApp හා Messenger වැනි Messaging App සමග ක්‍රියාත්මක විය හැකි අතර ඒ තුලින් ඔබගේ මිතුරන් සමග ඉක්මනින්ම සම්බන්ධ විය හැකි වෙනව. ඒ වගේම මේ Smart Watch එක Cellular Connectivity එකත් සහිතව නිකුත් වන බවටත් තොරතුරු පල වෙනවා. ඒ අනුව WhatsApp, Messenger ආදියට පිවිසිමට Smart Phone එක සමග මේ Watch එක Integration & Sync කිරිමේ අවශ්‍යතාවක් ඇති නොවනු ඇත.

මේ Facebook Watch එකේ 1st Generation එක Google සමාගමේ Android Open Source Version එකක් මත ක්‍රියාත්මක වෙන අතර මෙහි 2nd Generation එක සදහා Facebook සමාගම විසින්ම නිපදවන ඔවුන්ගේම OS එකක් ලබා දෙන බවත් දැක්වෙනවා.

මේ වන විට Smart Watch එකක අත්‍යවශ්‍ය අංගයක් වෙන Health Feature සදහාත් මොවුන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ අනුව ඔවුන් Workout plans/Data, Track workouts, interact with Trainers හා Integrate with Fitness services ආදි පහසුකම් මේ සමග ලබා දෙනු ඇති බවත් වාර්තා වෙනවා. මිට අමතරව අත්‍යවශ්‍යම Features වෙන Heart rate monitoring(PPG), Blood Oxygen(SpO2) හා Stress monitoring ආදි පහසුකමුත් මේ Watch එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.

ඩොලර් 400ක වැනි මිලකට නිකුත් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින මේ Facebook Watch එක මිලග වසර තුලදි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙනවා.

Source : Gizmochina, XDA Developers, The Information

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara