වසර 18ක ඉතිහාසයේ ප්‍රථම වරට Facebookහි සක්‍රීය පරිශීලක ප්‍රමාණය පහත බසියි

වසර 18ක ඉතිහාසයේ ප්‍රථම වරට Facebookහි සක්‍රීය පරිශීලක ප්‍රමාණය පහත බසියි

Meta සමාගමට අයත් දැවැන්ත සමාජ මාධ්‍ය ජාලයක් වන Facebook හි Active Users ලා ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට ඉතා අඩු වී ගොස් තිබෙනවා.

පසුගිය වසරේ අවසාන කාර්තුව තුළ Active Users ලා ප්‍රමාණය කෝටි 193 සිට 192.09 දක්වා එක් වරම පහත වැටුණු බව Facebook හි මව් සමාගම වන Meta ආයතනය ප්‍රකාශ කරනවා.

මෙම සිදුවීම නිසා Meta සමාගමට කොටස් වෙළඳපොළෙන් ඩොලර් බිලියන 200ක් පමණ වත්කම් අහිමි වීම සහ Facebook හි නිර්මාතෲ Mark Zuckerburg ගේ වත්කම ද ඩොල්ර් බිලියන 29කින් පහත ගොස් තිබෙනවා.

ඒත් සමගම ඔහු 2015න් පසු පළමු වර​ට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු දස දෙනා අතරින් ඉවත් වී එහි 12වන ස්ථානය පත්ව තිබෙනවා.

Tiktok, YouTube වැනි අනෙකුත් Social Media Platforms තුළින් ඇති වන තරඟය සහ Facebook හි පළවන දැන්වීම් ද අඩු නිසා මෙසේ Facebook හි Active Usersලා අඩු වූ බව බොහෝ විචාරකයින් ප්‍රකාශ කරනවා.

Source: XDA Developers

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna