Facebook Android App එකට ළඟදීම Dark Mode, Coronavirus Tracker එකක් සහ Quite Mode

Facebook Android App එකට ළඟදීම Dark Mode, Coronavirus Tracker එකක් සහ Quite Mode

දැන් ටික කාලෙක ඉඳන් Facebook සමාඟම එයාලගෙ Mobile App එකට Dark Mode එක ලබාදෙන්න වැඩ කටයුතු සලසමින් තමයි ඉන්නෙ. Facebook Lite ඇප් එකට නම් මේ වෙනකොටත් Dark Mode එක ලබාදීලා අවසන්. තාමත් ප්‍රධාන Facebook App එකට Dark Mode පහසුකම නැතත්, වාර්තා වෙන විදියට දැනටමත් Facebook App එකේ Dark Mode පහසුකම එයාලා හදලයි තියෙන්නේ.

Dark Mode

පෙනන ආකාරයට Facebook App එකේ Dark Mode එකත් දැනට Facebook Web සඳහා තියෙන Dark Mode එක විදියටම තමයි design කරලා තියෙන්නේ. අඳුරු අළු පැහැති පසුබිමක් සහ නිල් පාට තමයි Dark Mode එකේ ප්‍රධානම වර්ණ වෙන්නෙ. Android 10 සමඟ එන System-Wide Dark Mode සමඟ සහයෝගෙන් වැඩ කරන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා, Android Settings වලින් Dark Mode එක Active කළොත් ඒක Facebook App එකටත් අදාළ වෙනවා. ඔයාට ඕන නම්, Android System එක Dark Mode දාලා Facebook App එකේ Settings වලින් ඒක Light Mode එකේම තියාගන්නත් පුළුවන් කියලයි වාර්තා වෙන්නෙ.

Coronavirus Tracker

මේ Coronavirus Tracker එකෙන් ඔයාගෙ කලාපයේ Covid-19 කේසස් කොච්චර තියේද කියලා බලාගන්න පුළුවන් වෙනවා. සති තුනක වගේ දත්ත ප්‍රමාණයක් මේ හරහා ඔයාට ලබාගන්න පුළුවන්. ලොව පුරා Coronavirus ආසාදනය වීම් සම්බන්ධ දත්ත වුණත් ඔයාට මේකෙන් ලබාගන්න පුළුවන්.

Quiet Mode

අර කලින් සඳහන් කරපු ෆීචර්ස් හැරෙන්න, Quite Mode කියලා තවත් ෆීචර් එකක් තියෙනවා. මේක දැනටමත් iOS වලට ලබාදීලා තියෙන්නෙ. මේකෙන් Notifications සහ Notification dots ටික mute වෙනවා. මේක ඔයාට scheduled විදියට ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. ඒ කිව්වෙ, ඔයාට රෑ 10.00 න් පස්සෙ Notifications එන එක කරදරයි නම්, හැමදාම ඒ වෙලාවට ස්වයංක්‍රීයව Notifications Mute වෙන්න හදන්න පුළුවන් වේවි.

අප්‍රේල් මාසයේ මේ feature එක iOS සඳහා හඳුන්වාදීමේදි Facebook සමාඟම කිව්වා එයාලා මේ Feature එක Android වලටත් ජුනි මාසෙ ලබාදෙනවා කියලා. පුදුමයකට වගේ මේ පාර Facebook company එක කියපු දෙයක් කරලා තියෙනවා.

එහෙනම්, ළඟදීම ඔයාලට මේ ෆීචර්ස් ඔක්කොම ඔයාගෙ Facebook Android ඇප් එකෙන් බලාගන්න පුළුවන් වේවි.

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara