මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව 2021 වසරේ නරකම සමාගම බවට Meta සමාග​ම (පෙර Facebook) පත්වේ

මෑතකදී පවත්වන ලද සමීක්ෂණයකට අනුව 2021 වසරේ නරකම සමාගම බවට Meta සමාග​ම (පෙර Facebook) පත්වේ

සෑම වසරකම, Yahoo Finance ආයතනය විසින් කොටස් මිල ගණන්, වෙළඳපල වටිනාකම සහ වෙනත් විවිධ සාධක මත පදනම්ව වසරේ හොඳම සමාගම ලෙස තෝරාගැනීමට ඡන්ද විමසීමක් සංවිධානය කරනු ලබනවා. එහිදී හොඳම සමාගම Microsoft ලෙස නම් වූ අතර, 2021 නරකම සමාගම තීරණය කිරීම සඳහා Yahoo Finance විවෘත සමීක්ෂණයක් ද පැවැත්වනු ලැබුවා. එහි දී Meta (පෙර Facebook) සමාගම 2021 වසරේ නරකම සමාගම ලෙස ඉහළම ස්ථානය ලබාගෙන තිබෙනවා.

Yahoo Finance හි වාර්තාවකට අනුව, මනාප දැක්වූවන් 1,541 න්, බොහෝ සහභාගිවන්නන් "වසරේ නරකම සමාගම" ලෙස Meta සමාගම වෙත ඡන්දය දුන්හ. ඒ චීන ඊ-වාණිජ්‍ය සමාගමක් වන Alibaba සමාගමට වඩා 50% ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමිනුයි.

Meta සමාගම කෙරෙහි මිනිසුන්ගේ වෛරයට හේතුව නම් පසුගිය මාස කිහිපය තුළ සිදුවූ මතභේද බව බොහෝ දෙනා හොඳාකාරවම දනිමු.

Meta හි  Image Sharing Platform එකක් වන Instagram හි පවා මතභේද ඇති විය. Instagram හි ප්‍රධාන විධායක නිලධාරී Adam Mosseri මෑතකදී නව යොවුන් වියේ ආරක්ෂාව පිළිබඳ මතුවන ගැටළු සඳහා සෙනෙට් අනුකමිටුවට මුහුණ දීමට සිදු විය. ගැටළු විසඳීම සඳහා දැන් විශේෂාංග එකතු කිරීම ආරම්භ කර ඇතත්, එය නිකුත් කිරීමට තව බොහෝ කල් ගත වනු ඇත.

සමීක්ෂණයේ බොහෝ ප්‍රතිචාර දැක්වූවන් යෝජනා කළේ සමාගමේ මෑත කාලීන නැවත සන්නාමකරණය මුහුණුවරක් පමණක් බවයි. එය Facebook හි අපකීර්තියෙන් බලධාරීන් සහ මහජනතාව අවධානය වෙනතකට යොමු කිරීමේ මාර්ගයක් බව වාර්තා වනවා. කෙසේ වෙතත්, මාර්ක් සකර්බර්ග් කියා සිටින්නේ ඔහු Meta නිර්මාණය කළේ පරිශීලකයින් සඳහා සම්පූර්ණයෙන්ම ඩිජිටල් ලෝකයක් වන “Meta Verse” එක නිර්මාණය කිරීම සමාගමේ මූලික ඉලක්කය වන බවයි.

කෙසේ වෙතත්, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 30% ක් පමණ ප්‍රකාශ කළේ Meta සමාගම විසින් තමන් කළ දේ පිළිගෙන සමාව ගැනීමෙන් සහ එහි ලාභයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් charities සඳහා පරිත්‍යාග කිරීමෙන් සමාගම පෙර තිබූ ස්ථානවලටම ගත හැකි බවයි.

Source: Beebom

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara