ලෝක කුසලාන තරඟාවලියේ තරඟ අතරතුර විරාට් කෝලි විසින් භාවිතා කරන ලද Unique Fitness Band එක

විරාට් කෝලි කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නැහැනේ. මෙවර එක්දින ලෝක කුසලාන තරඟ ක්‍රීඩා කරන විට ඔහු විසින් භාවිතා කරනු ලැබූ ඔහුටම අනන්‍ය වූ Fitness Band එකක් ගැන තමා මේ ලිපිය.

මෙම Fitness Band එක WHOOP Coach ලෙසින් හඳුන්වන අතර මෙහි විශේෂත්වය වනුයේ සාමාන්‍ය Fitness Band වල මෙන් මෙහි තිරයක් නොමැති වීමයි. මෙම බෑන්ඩ් එක ලොව ජනප්‍රිය මලල ක්‍රීඩකයින් විසින්ද මීට පෙර භාවිතා කර ඇති අතර මෙය නිපදවා ඇත්තේ 2015 වසරේදි ආරම්භ කරන ලද WHOOP නම් ඇමරිකානු Wearable Technology Company එකකිනුයි.

මේ මඟින් පළදින්නාගේ ශාරීරික යෝග්‍යතාව නිරීක්ෂණය කරන බැවින් ක්‍රීඩකයන්ට මෙය තම පුද්ගලික පුහුණුකරුවෙක්ද වනවා. මේ මඟින් ලබා දෙන තොරතුරු 99% පමණ නිවැරදි බව පරීක්ෂණ මඟින් තහවුරු වී තිබෙන අතර මේ මඟින් ක්‍රීඩකයාගේ ාඅතති ය සහ නින්ද Monitor කරනු ලබනවා. එපමණක් නොව මේ හරහා ක්‍රීඩයන්ට තම ශරීර යොග්‍යතාව තබා ගැනීමට අවශ්‍ය උපදෙස්ද සපයනු ලබනවා.

WHOOP Coach මඟින් හෘද ස්පන්දන වේගය, ශරීර උෂ්ණත්වය, ශ්වසන වේගය, රුධිර ඔක්සිජන් මට්ටම, කැලරි දහන ප්‍රමාණය වැනි බොහෝ දේවල් මැනිය හැකි අතර මේ මඟින් තත්පරයකට සියවතාවක් මේ දත්ත ලබා ගනු ලබනවා.

මෙම Fitness Band එක Subscription Based වන අතර මාස 12ක් සඳහා මෙයට ඇමරිකානු ඩොලර් 239ක් ගෙවිය යුතු අතර මෙහි Mobile/Desktop App භාවිතා කිරීම සඳහා මාසිකව 30$ ගෙවිය යුතු වනවා.

ඉදිරියේදීත් මෙවැනිම වූ තොරතුරු දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Read more

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

Crypto විමර්ශනය​ට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ Binance අත්වැල් බැඳග​නී

ලොව විශාලතම Crypto Currency හුවමාරුවක් වන Binance සමාගම විසින් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය (Financial Intelligence Unit) සමඟ Cryptocurrency විමර්ශනය පිළිබඳව විශේෂ පුහුණුවක් සඳහා අත්වැ

By Bhasura Nuwan Kularathna