Ice Age චිත්‍රපටිය නිර්මාණය වුනු Blue Sky studio එකේ කටයුතු නවතා දැමීමට Disney සමාගම කටයුතු කරයි
![Ice Age චිත්‍රපටිය නිර්මාණය වුනු Blue Sky studio එකේ කටයුතු නවතා දැමීමට Disney සමාගම කටයුතු කරයි](/content/images/size/w1200/2022/04/End-of-Blue-sky-Studio.jpeg)
අපේ ළමා කාලය ලස්සන කරන්න වෙරදරපු තවත් එක් ලස්සන සමාගමක් වන Bluesky Studio එකෙ නිෂ්පාදන සමහරවිට මීට පස්සෙ කිසිම දවසක නැවත අපිට බලාගන්න බැරිවෙයි.
Ice Age, Rio, Horton Hears a Who, Robots , Epic , Ferdinand වගේ එදා මෙදා තුර ලෝකයේ බිහිවෙච්ච ජනප්‍රියම ඇනිමේශන් මූවීස් නිර්මාණය වුනු තැනක් තමයි මේ Bluesky studio කියන්නෙ.
මේ Bluesky කියන එක අයිති වෙලා තිබුනෙ 21st Century Fox එකට නමුත් පසුගිය වසරෙ 21st Century Foxලගෙ රයිට්ස් Disney විසින් මිළදි ගත්තයින් පස්සේ මේ ස්ටුඩියෝ එක ක්ලෝස් ඩවුන් කරල දාන්න Disney තීරණය කරනවා.
නමුත් මේ Golden Era එකට හොඳ ending එකක් දෙන්න BlueSky ලා අමතක කරලා නෑ. ඒ තමා අපි පොඩි කාලෙ ඉඳන් ආසාවෙන් බලාගෙන හිටපු දෙයකින් ලස්සන සමුගැනීමක් මෙයාලා අරගෙන එනවා.
ඒ තමා පළවෙනි Ice Age movie එකේ ඉඳන්ම මහද්වීප වෙන් කරලා ඇටයක් නිසා ග්‍රහලෝක විනාශ කරන තැනට යනකන් ස්ක්‍රැට්ව අරගෙන ගියපු acorn ඇටයේ රස බලන්න ස්ක්‍රැට්ට අවස්තාව ලබාදීමෙන්.
1987 පටන් ගත්ත ඒ අවුරුදු 35ක ජර්නි එකට ඔෆීශියලි ගුඩ්බායි කියන්නේ මේ තප්පර ගානක විඩියො ක්ලිප් එකෙන්. මේ තමා BlueSky ලගෙන් අපිට ලැබෙන අන්තිම සප්රයිස් ගිෆ්‍ට් එක. ☺️❤
අපි එක්කම ලොකු වුන ඒ ලස්සන ෆ්‍රැන්චයිස් වලට පණ දුන් BlueSky Studio මියෙන තුරා අප මතකයේ රැඳේවි. ☺️
එහෙනම් Blue Sky Studio ඔබට සුභගමන්.