AT&T සහ Verizon සමාගම වල 5G ජාලයේ ස්ථාපන කටයුතු හේතුවෙන් Emirates ඇතුලු ගුවන් සමාගම් රැසක ගමන් වාර අහෝසි කිරීමට කටයුතු කර​යි

AT&T සහ Verizon සමාගම වල 5G ජාලයේ ස්ථාපන කටයුතු හේතුවෙන් Emirates ඇතුලු ගුවන් සමාගම් රැසක ගමන් වාර අහෝසි කිරීමට කටයුතු කර​යි

Emirates, Air India, ANA හා Japan Airlines ආදි ගුවන් සමාගම් විසින් මේ වෙන විට ඇමරිකා එක්සත් ජනපදය වෙත ගමන් කිරිමට නියමිත සමහර ගුවන් ගමන් කිහිපයක් අවලංගු කර ඇති බවට නිවේදනය කර තිබෙනවා. මේ සදහා හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ මේ සතිය තුල 5G Band C ඇමරිකා එක්සත් ජනපදය තුල හදුන්වා දිමට නියමිත බැවින් මේ 5G Band C ඔස්සේ Boeing 777 ගුවන් යානාවලට බාධා එල්ලවෙන බවත් හදුනා ගැනිමත් සමගිනුයි.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාර්ක්, ඔර්ලන්ඩෝ, සැන් ෆ්රැන්සිස්කෝ සහ සියැටල් ගුවන් තොටුපළවල් කරා නියමිත ගුවන් ගමන් අවලංගු කර තිබෙන අතර නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් හා වොෂින්ටන් වෙත නියමිත ගුවන් ගමන් කිසිදු බාධාවකින් තොරව සිදු වෙනු ඇත.

Emirates ගුවන් සමාගම විසින් මේ පිළිබඳ වැඩිදුරටත් දක්වා තිබෙන නිවේදනයට අනුව මේ වෙන විටත් ගුවන්යානා නිෂ්පාදකයින් සමග මෙම ගැටලුව විසදිමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් වැඩි දුරටත් දක්වා තිබෙනවා.

Federal Aviation Administration දක්වා ඇති ආකාරයට 5G C Band එක මගින් ගුවන්යානාවල භාවිත වෙන Radar Altimetersවලට බාධා ඇති වෙන අතර ඒ ඔස්සේ ගුවන්යානාවේ හා මගින්ගේ ආරක්ෂාව සදහා යම් තර්ජනයක් ඇති වෙනු ලබනවා. මෙලෙස Boeing 777 ගුවන්යානා සදහා යම් බාධාකාරි තත්වයක් ඇති විය හැකි බව Boeing සමාගම විසින් ද නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

“5G signals for U.S. mobile phones, which will begin operating in the U.S. on January 19, 2022, may interfere with the radio wave altimeter installed on the Boeing 777.”

Source : The Verge, Federal Aviation Administration,

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara