Grok සමඟින් කෘත්‍රීම බුද්ධියට පිවිසෙන Elon Musk

X නාමය යටතේම මේ වසරේ අගභාගයේ X.ai ලෙසින් නව Artificial Intelligence සම්බන්ධ Project එකක් X විසින් එලිදැක්වූවා. Grok යනු එම X.ai Project එක මගින් හදුන්වාදුන් Generative Language Model එකයි.

Grok සමඟින් කෘත්‍රීම බුද්ධියට පිවිසෙන Elon Musk

ඔයාලා හැමෝටම මතක ඇති Elon Musk, Twitter මිලදී ගැනීමත් සමඟ එහි වෙනස්කම් කිහිපයක් කළා. ඒ අනුව Twitter සිට X ලෙස Rebrand වීම විශේෂ කරුණක්. මෙලෙස X නාමය යටතේම මේ වසරේ අගභාගයේ X.ai ලෙසින් නව Artificial Intelligence සම්බන්ධ Project එකක් X විසින් එලිදැක්වූවා. Grok යනු එම X.ai Project එක මගින් හදුන්වාදුන් Generative Language Model එකයි.

Grok-1 නම් model එක මත මෙය නිර්මාණය වී ඇති අතර මෙම model එක මේ 2023 වසරේ Q3 දක්වා දත්ත සහ මානව සහායකයින්ගෙන් රැස් කරගත් බුද්ධිය භාවිතයෙන් පුහුණු කර තිබෙනවා.

Grok හි ඇති විශේෂත්වය වන්නේ Grok හට X හි පළ කිරීම්වලින් Realtime තොරතුරු ලබා ගෙන එහි ප්‍රතිචාරවලට එකතු කිරීමට ඇති හැකියාවයි. මෙමගින් නිවැරදි ලෙස ප්‍රශ්නවලට ගුණාත්මක පිළිතුරු ලබාදීමට Grok ට හැකියාව තියෙනවා.

අනෙකුත් AI Generative Models හා සසඳන විට මතභේදාත්මක ප්‍රශ්නවලට වඩා Open Mind ලෙස පිළිතුරු ලබාදීමට Grok හට හැකියාව තියෙනවා. තවද මෙය භාවිතා කළ බොහෝ දෙනා පවසා සිටියේ Grok හි පිළිතුරු ඉතා නිර්මාණාත්මක හා විනෝදාත්මක බවයි.

Grok දැනට X Premium Plus Subscription එක භාවිතා කරන US පරිශීලකයින්ට පමනක් ලබා ගත හැකි අතර එයට මසකට ඩොලර් 16ක් වැය වෙනවා. තවද ඉතා නුදුරේදීම අනෙකුත් රටවලටද Grok නිකුත් කිරීමට X සැලසුම් කරමින් සිටිනවා.

Source: gizmodo.com

Read more

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

ජනාධිපතිවරණය නිසා Starlink අන්තර්ජාල සේවාව ඇරඹිම ප්‍රමාද වන ලකුණු

මේ වන විටත් Starlink Satellite අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව සඳහා සැපයීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Starlink Lanka (Private) Limited ආයතනය සඳහා

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා න​ම් ඔයා මේ මූලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕ​නේ

Game design කියන්නේ video game එකක් craft කරනවට වඩා එහාට ගියපු දෙයක් කියන එක අපි මුලින්ම මතක තියාගන්න ඕන. ඒක ඇත්තටම යම්කිසි experience එකක් craft කිරීමක් කියලා හිතන්න පුලු

By Ranga Pushpakumara