Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය සැබෑ මානව අත්හදා බැලීම් සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

Elon Muskගේ Neuralink ව්‍යාපෘතිය සැබෑ මානව අත්හදා බැලීම් සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා ​වේ

ඔබට මතක ඇති මීට වසර දෙකකට පමණ පෙර Elon Musk විසින් නිපදිවිමට සුදානම් වෙන Neuralink නම් Chip එකක් පිළිබඳ අපි ඔබ වෙත තොරතුරු ගෙන ආවා. මේ Chip එක මගින් සෘජුවම මොළය වෙත ගීත stream කිරීමේ හැකියාව ලැබෙන බවත් සදහන් වු අතර මෙය Brain Computer Interface නමින් හැඳින්වෙන අනාගත පරම්පරාවට අයත් පරිගණක මෙවලමක් වෙනවා.

ඒ වගේම මේ මොළයේ තැන්පත් කරන Neuralink Chip එක ඔස්සේ ශරීරයේ හොමෝන මට්ටම් අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වෙන අතර මේ හැකියාව නිසා මානව හැකියාවන් වර්ධනය කිරීමට මෙන්ම සාංකාව ආදියෙන් සහනය ලැබීමට ඉදිරි අනාගතයේදි හැකි වෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කෙසේ වෙතත් මෙතෙක් ඔවුන් විසින් මීයන්, වදුරන් වැනි සතුන්ගේ මොළය තුළ මෙම Neuralink Chip එක තැන්පත් කරමින් මුලික පරික්ෂණ සිදු කරමින් සිටි අතර මේ වෙන විට ඔවුන් විසින් 'Clinical trial director' ලෙස නව රැකියා ධුරයක් සදහා ඉල්ලුම්පත් කැදවමින් සිටිනවා. මේ මගින් හැගවෙන්නේ ඔවුන් විසින් තම පරික්ෂණ වේගවත් කරමින් සිටින බවයි.

එමෙන්ම මෙය මේ Neuralink Chip එකේ සැබැ මානව අත්හදා බැලිම් සදහා වෙන ආරම්භක පියවර ලෙස බලාපොරොත්තු වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මිනිස් මොළයක් තුල Neuralink Chip එක තැන්පත් කිරිම සිදු විමට බොහෝ විට තවත් වසර කිහිපයක් ගත වෙනු ඇත.

Sources: MobileSyrup, Neuralink

Read more

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Vo1d නම් Malware එකක් මඟින් Android TV මිලියනයකට අධික ප්‍රමාණයකට හානි

Android TV Box එකක් මේ වන විට බොහෝ නිවෙස්වල ඇති බව නිසකයි. කෙසේ වෙතත් මේ පුවත නම් Android TV Box එකක් භාවිත කරන ඔබට නම් එතරම් සුභ දායක වන්නේ නැ.

By Bhasura Nuwan Kularathna
Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

Game Design කරන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයා මේ මුලික කරුණු ගැන අනිවාර්යෙන්ම දැන ගන්න ඕනේ - 2

ඔයාගේ game එක play කරන්න ඕන කොහොමද කියලා player ට කියලා දෙන rules එහෙමත් නැත්නම් systems වලට තමයි අපි මේ game mechanics කියලා කියන්නේ. මේ දෙවනි mini article එකෙන් අපි කතා කරමු කොහොමද

By Ranga Pushpakumara